මන්ත්‍රීවරුන් රැසක් අධ්‍යාපන සුදුසුකම් සඟවයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සීයයට 20ක් පමණ පිරිසක් සිය අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට ලබාදීම මග හැර ඇතැයි වාර්තා වනවා.


මේ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන්ට නැවත වරක් සිහිකැඳවීමක් සිදුකිරීමට කටයුතු කරගෙන යන බවයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් උපුටා දක්වමින් පුවත්පතක් වාර්තා කර තිබුණේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් යම් තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යා යුතු හෙයින් ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව තොරතුරු ලබාදෙන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන් ඉල්ලීමක් කර ඇත්තේ මිට කාලයකට පෙර සිටයි.

එහෙත් කොටසක් එම ඉල්ලීමට තවමත් සාර්ථක ප්‍රතිචාර දක්වා නැති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ.

මේ අතර සාමාන්‍ය ජනතාව ඇතුළු විවිධ පුද්ගලයන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් වැඩි වශයෙන් ඉල්ලන තොරතුරු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් විශේෂිතය.

එහෙත් මන්ත්‍රීවරුන් කොටසක් අධ්‍යාපන සුදුසුකම් එලෙස ලබා නොදීම නිසා තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම තොරතුරු ලබාදීම කළ නොහැකිවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීන් සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38