මාතර වෙරළ උද්‍යානයට යාබදව පිහිටා ඇති පරෙවි දූපතට පිවිසීමට නව පාලමක් ඉදිකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
එය ඊයේ (04) පෙරවරුවේ කඩා වැටුණු අතර, දිගු කාලයක් පුරා අබලන්ව පැවතුණා.
සියම් මහා නිකායේ රෝහණ පාර්ශවයේ උපෝසථාගාරය පිහිටා ඇත්තේ ද මෙම දූපත තුළයි.
පාලමේ ඉදිකිරීම් සොයා බැලීමට රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ නිලධාරීන් අද එම ස්ථානයට පැමිණෙන අතර, ඉදිකිරීම් මාස 06 ක් තුළ නිම කිරීමට අපේක්ෂිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













