මුදල් විශුද්ධිකරණයට වරාය නගරයේ ඉඩක් නැහැ

කොළඹ වරාය නගරයේ මුදල් විශුද්ධිකරණයට කිසිදු ඉඩක් නොමැති බවත් එවැනි ක්‍රියාවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියා කිරීමට හැකියාව ඇති බවත් වරාය නගර ආර්ථික කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් , ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම පවසනවා.

වරාය නගරය සහ අනාගත ආර්ථිකය” මැයෙන් අද (04) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය හමුවේ දී ඔහු විසින් මෙම අදහස් පළ කළා.

ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම සහ වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජික, සාලිය වික්‍රමසූරිය සහභාගී වූ මෙම මාධ්‍ය හමුව ජනාධිපති මාධ්‍යය අංශය විසින් මෙහෙයවනු ලැබුවා.

වරාය නගරයේ මූලික භෞතික ඉදිකිරිම් කටයුතු 2022 වසර අවසානය වන විට නිමා කර පළමු අදියරේ වැඩ කටයුතු සම්පුර්ණ කිරීමට හැකියාව ඇති බව ද අනාවරණය කෙරුණා.

මේ වන විට මූල්‍ය කළමනාකරණය, බැංකු කටයුතු, ආයෝජන ලියාපදිංචිකිරීම හා අදාළ නීති රෙගුලාසි සම්පූර්ණ කර ඇති අතර, පරිසර හිතකාමී සහ මනා සැලැස්මක් සහිතව වරාය නගරය දියුණුකිරීම හා අදාළ සංවර්ධන රෙගුලාසි සම්පුර්ණ කර ඇති අතර ඒවා ඉක්මනින් ගැසට් මඟින් ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන බව ද අවධාරණය කරනු ලැබුවා.

ඉන් පසුව, ඕනෑම ආයෝජකයෙකුට අදාළ නීති – රීතිවලට අනුව ආයෝජනය කළ හැකියි.

වරාය නගරය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව සතු මෙරට නීතිය ක්‍රියාත්මක වන භූමියක් වන අතර එහි කළමනාකරණ කටයුතු සිදුකරන, වරාය නගර ආර්ථික කොමිසම ශ්‍රී ලංකා ආණ්ඩුවට, ජනාධිපතිට සහ පාර්ලිමේන්තුවට යටත් වනු ඇති.

ආයෝජනය චීන සමාගමක් විසින් සිදු කළ ද එම භුමිය කිසිදු විදේශ රටකට අයත් නොවන අතර බදු පදනම මත එහි ඉඩම් ඕනෑම රටක සමාගමකට ලබාගැනීමේ හැකියාව ද පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59