අරුන්දික යලි ඇමති ධුරයේ දිවුරුම් දෙයි

සිය ධූරයෙන් ඉල්ලා අස්වූ අරුන්දික ප්‍රනාන්දු නැවත සිය රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දී තිබෙනවා. පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු එම රාජ්‍ය අමාත්‍ය ධූරයේ එලෙස යළි දිවුරුම් දී ඇත.

පසුගියදා ඇතිවූ සිද්ධියක් හේතුවෙන් සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට අරුන්දික ප්‍රනාන්දු කටයුතු කර තිබුණා.

රාගම වෛද්‍ය පීඨයේ පිරිමි නේවාසිකාගාරයට ඉකුත් පෙබරවාරි 2 වනදා අලුයම කඩාවැදුණු පිරිසක් එහි සිසුන් වෙත පහරදීමක් සිදුකර තිබුණු අතර ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයාට සහ ඔහුගේ පුත්‍රයාට චෝදනා එල්ල විය.