ඉල්ලා අස්වූ රාජ්‍ය ඇමති ත් යළි දිවුරුම් දෙයි

සිය ධූරයෙන් ඉල්ලා අස්වූ අරුන්දික ප්‍රනාන්දු මහතා නැවත සිය රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දී තිබේ.

පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු එම රාජ්‍ය අමාත්‍ය ධූරයේ එලෙස යළි දිවුරුම් දී ඇත.

පසුගියදා ඇතිවූ සිද්ධියක් හේතුවෙන් සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට අරුන්දික ප්‍රනාන්දු මහතා කටයුතු කර තිබුණි.

රාගම වෛද්‍ය පීඨයේ පිරිමි නේවාසිකාගාරයට ඉකුත් පෙබරවාරි 2 වනදා අලුයම කඩාවැදුණු පිරිසක් එහි සිසුන් වෙත පහරදීමක් සිදුකර තිබුණු අතර ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයාට සහ ඔහුගේ පුත්‍රයාට චෝදනා එල්ල විය.

මෙම පහරදීමට පැමිණි පිරිස අතර රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ රියදුරෙකු බව කියන අයකු ද සිටි බවට හැඳුනුම්පතක් සොයා ගැනුණු අතර සැකකරුවන් පැමිණි පොල් සංවර්ධන අධිකාරියට අයත් මෝටර් රථයක්ද සිසුන් සිය භාරයට ගෙන පොලීසියට භාරදී තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16