වාණිජ මන්ඩලයෙන් ආර්ථික ගොඩ නගන්න යෝජනාවලියක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් කඩාවැටීමට පෙර මෙරට මුහුණපා ඇති විදෙස් විනිමය ගැටලුව හැකි ඉක්මනින් විසඳීමට පියවර ගන්නා ලෙස වාණිජ මණ්ඩල එකමුතුව රජයෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාව මුහුණපා ඇති විදෙස් විනිමය ගැටලුව හේතුවෙන් දෛනික ඉන්ධන සහ විදුලිබල සැපයුමට බාධා එල්ලවී ඇති බව පෙන්වා දෙන ඔවුන් පවසන්නේ ඉන්ධන සහ විදුලිය ආර්ථිකයේ සියලුම ක්ෂේත්‍රයන් නිසි පරිදි ක්‍රියාත්මකවීම සඳහා අත්‍යවශ්‍ය බවය.   

එසේම මේ වනවිට බොහෝ කර්මාන්තකරුවන් සිය අමුද්‍රව්‍ය සඳහා ගෙවීම් කරගැනීමට නොහැකිව අපහසුතාවයට පත්ව ඇති බවද වාණිජ මණ්ඩල පෙන්වාදෙයි. 

එමගින් දේශීය සහ විදේශීය වෙළෙඳපොළට කෙරෙන සැපයුම් සඳහා බාධා මතුව ඇති බව ඔවුන් පවසයි.

තමන් මේ සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් 22 වනදා ද කරුණු පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත්කළ බව වාණිජ මණ්ඩල එකමුතුව පැවසීය. 

එම එකමුතුව සිය නවතම නිවේදනයෙන් රජයෙන් ප්‍රධාන ඉල්ලීම් තුනක් කරයි.

01. වෙළෙඳපොළ අවශ්‍යතාව මත මිල තීරණය වන ක්‍රමවේදයක් ඉන්ධන, ගෑස් සහ විදුලිය සඳහා හඳුන්වාදීම. එසේම විනිමය අනුපාතය ද නිදහසේ සංසරණය වීමට ඉඩ සැලසිය යුතුය. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළයෑම මනා ලෙස කළමනාකරණය කිරීම ඔස්සේ වෙළෙඳපොළේ මතුව ඇති භාණ්ඩ හිඟය සහ විනිමය හිඟය පාලනය කර ගත හැකිවෙතැයි ඔවුන් පවසයි.

02. හැකි ඉක්මනින් විදෙස් ණය නැවත ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා හැකි ඉක්මනින් ක්‍රමවේදයක් ආරම්භ කිරීම. එය වාණිජ සහ වාණිජ නොවන ණය සඳහා ක්‍රියාත්මක කළ යුතුය. එමගින් ආනයන සඳහා ඩොලර් ඉතිරි කර ගැනීමට යම් ඉඩක් නිර්මාණය වෙයි.
 
03. හැකි ඉක්මනින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම. එමගින් වෙළෙඳපොළ සහ පෞද්ගලික අංශයේ විශ්වාසය ඇතිවීම.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14