රුසියාවට ලොව නන් දෙසින් විරෝධය

රුසියා-යුක්‍රේන යුද ගැටුම් හේතුවෙන් මියගිය යුක්‍රේන වැසියන් සංඛ්‍යාව 227ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූවන් සංඛ්‍යාව 500 ඉක්මවා තිබේ.

මේ වනවිට ආරක්ෂාව පතා වෙනත් රටවල් වෙත පලා ගොස් සිටින යුක්‍රේන ජාතිකයන් සංඛ්‍යාව මිලියනයකට අධිකය.

යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පළමු වරට රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ යුද භටයින් 1597 දෙනෙකු තුවාල ලබා ඇති බවය.

යුක්‍රේන ආක්‍රමණයට එරෙහිව රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේදී විරෝධතා රැලියක් පවත්වා තිබුණි.

ඊට සහභාගිවූ විරෝධතාකරුවන් සිය ගණනක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පෙබරවාරි 24 වැනි දා ආරම්භ වූ යුක්‍රේන ආක්‍රමණයට එරෙහිව මේ දක්වා පැවති රුසියානු විරෝධතාවලට එක්වූ පුද්ගලයන් 8,000ක් පමණ අත්අඩංගුවට පත්වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

රුසියාවේ සහ බෙලරුස් හි ක්‍රියාත්මක සියලු වැඩසටහන් නැවැත්වීමට පියවර ගත් ලෝක බැංකුව යුක්‍රේනය වෙත ඩොලර් බිලියන 3ක හදිසි ආධාර ලබාදීමට කටයුතු කර තිබේ.

යුක්‍රේන ආක්‍රමණය මුල් කරගෙන රුසියානු බළලුන් එරටින් පිටත ලියාපදිංචි කිරීම සහ ආනයනය තහනම් කිරීමට ජාත්‍යන්තර බළලුන්ගේ සම්මේලනය පියවර ගෙන ඇති අතර රුසියානුවන් සතු බළලුන් ජාත්‍යන්තර තරගවලට සහභාගි කිරීමත් තහනම් කර තිබේ.

තවද රුසියාවේ නිෂ්පාදිත වොඩ්කා තහනම් කිරීමට අමෙරිකානු ප්‍රාන්ත රැසක්, ඇතැම් යුරෝපා රටවල් මෙන්ම සුපිරි වෙළඳසැල් ජාල පියවර ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

මේ අතර අමෙරිකාව ඇතුළු බටහිර බලවතුන් සිය මිත්‍ර රටවලට අවංකව සහාය  නොදෙන බවට යුක්‍රේනයේ වත්මන් තත්ත්වය තවත් උදාහරණයක් බව  ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමෙයිනි පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, අමෙරිකාව, ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපතිවරයා අත්හල ආකාරයටම යුක්‍රේන නායකයා අත්හැර ඇති බවය. 

යුක්‍රේන ආක්‍රමණය මුල් කරගෙන රුසියානු හා බෙලරුස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට හෙට ආරම්භ වීමට නියමිත ශීත ඍතු පැරාලිම්පික් උලෙළ තහනම් කිරීමට අන්තර්ජාතික පැරාලිම්පික් කමිටුව පියවර ගෙන තිබේ.

රුසියාවේ ක්‍රීඩාව ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකට දැඩි සම්බාධක පැනවී ඇති පසුබිමක රුසියානු ජාතික බිලියනපතියෙකු වන රෝමාන් ඒබ්‍රමෝවිච් ඊයේ නිවේදනය කළේ තමා හිමිකම දරන චෙල්සි පාපන්දු සමාජය, එම සමාජයේ, ප්‍රෙක්ෂකයන්ගේ,සේවකයන්ගේ මෙන්ම අනුග්‍රාහකයන්ගේද යහපත තකා විකුණාදැමීමට සැලසුම් කර ඇති බවය.

ඉන් ලැබෙන මුදල් යුක්‍රේන යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා පරිත්‍යාග කිරීමටත් ඔහු පොරොන්දු වී තිබේ.

image 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30