AFC Banner
AFC Banner
Empty Ad

රාජ්‍ය අමාත්‍යංශ දෙකක ලේකම් ධූරවල වෙනසක්

වහා ම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍යංශ දෙකක් සඳහා නව ලේකම්වරු දෙදෙනෙකු පත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, කේ.ජේ. විජේසිරි මහතා ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇත.

එමෙන් ම උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කරාබු නැටි, බුලත් ඇතුළු වැවිළි භෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ලෙස එස්.ඩී. පඬිකෝරාල මහතා පත් කර තිබේ.

අංක 2269/19 දරන ගැසට් පත්‍රය මගින් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?