ජනපතිගෙන් නියෝගයක්

අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු පාර්ශ්වයන් වෙත උපදෙස් ලබා දී තිබේ.

පවතින විදුලි කප්පාදුව සහ ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් අද (02) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත. 

මේ අතර එහිදී නිලධාරීන් විසින් ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කර ඇත්තේ මාර්තු 05 වනදා සිට විදුලිය කප්පාදුවක් සිදු නොකරන බවය.

එසේම දිවයින පුරා සියලුම ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම හෙට (03) සිට සාමාන්‍ය පරිදි  සිදු කෙරෙන අතර අනිසි බියකින් ඉන්ධන එක්රැස් කිරීමෙන් වළකින ලෙස, නිලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted