ගැසට් නිවේදනයකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

අප්‍රේල් මස 30 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි කොරෝනා රෝග වැළැක්වීමට අදාළ පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින් පොදු ස්ථානවලට ඇතුළුවීම වළක්වාලීමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණි.

මහාචාර්යවරයෙකු වන එෆ්.එම්. ජයතිලක මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, චන්න ජයසුමන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන, පොලිස්පති ඇතුළු 12 දෙනෙකු නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ, ඉකුත් ජනවාරි මස 25 වනදා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් නිරෝධායන පනත යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් කොරෝනා ව්‍යප්තියට එරෙහි පූර්ණ එන්නත් කරනයට ලක් නොවූ පුද්ගලයින්ට අප්‍රේල් මස 30 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි පොදු ස්ථානවලට ඇතුළු වීම වළක්වමින් නියෝගයක් නිකුත් කර ඇති බවය.

ඒ තුළින් පූර්ණ එන්නත්කරනයට ලක් නොවූ පුද්ගලයින්ට මංමාවත්, පොදු ප්‍රවාහන සේවා ඇතුළු පොදු ස්ථානවලට ඇතුළුවීම වැළැක්වීමට කටයුතු කෙරෙන බවත් ඔහු චෝදනා කළේය.

එම ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යවරයා තමන්ට පැවරී ඇති බලතල අභිබවා අත්තනෝමතික ආකාරයෙන් නිකුත් කර ඇති බවත් පෙත්සම්කරු සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !