මෙම වසරේ පෙබරවාරි මස 15 වැනි දින සිට ඉක්තෝම්බර් 14 වැනි දින තෙක් මාස අටක කාලයක් සඳහා පෙටල් බැරල් මිලියන 1.8ක් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන් සහ තාවකාලිකව ලියාපදිංචි කර ගන්නා ලද සැපයුම්කරුවන් වෙතින් ලංසු කැඳවා තිබෙනවා.
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එකී දිගුකාලීන කොන්ත්‍රාත්ත්‍ය්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෞද්ගලික සමාගමක් වෙත ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණා.













