විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිබල අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් හෝ පෞද්ගලික ආයතන මඟින් බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇත.
ඊයේ (28) පස්වරුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව ලබන 05 වන දින සිට කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.
මේ අතර අද දිනයේත් දිවයින පුරා පැය 03ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා කාලය තුළ එම විදුලි කප්පාදුව සිදුවන බවය.













