ලංගමයෙන් පෞද්ගලික බස් රථවලට සහනයක්

මගී ප්‍රවාහනයේ නිරත පෞද්ගලික බස් රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ පොම්පාගාරවලින් ඉන්ධන නිකුත් කිරීමේ වැඩසටහනක් ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කිරීමට නියමිතයි.

මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් මත අදාළ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියේ.

ඒ අනුව සිපෙට්කෝ මිලට ඉන්ධන නිකුත් කිරීම සිදුකෙරෙන අතර, ඊට අදාළ ගණනය කිරීම් මේ වන විට සිදුකෙරෙමින් පවතින බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ඩීසල් හිඟය නිසා පෞද්ගලික බස් රථ ධාවනය සැලකිය යුතු මට්ටමකින් පහත වැටි ඇති බවයි බස් රථ සේවකයින් ඊයේ සඳහන් කළේ.

බස්රථ සදහා අවශ්‍ය ඩීසල් නොලැබුනහොත් තත්ත්වය බරපතල විය හැකි බව පෞද්ගලික බස් රථ වෘත්තීය සමිති කියා සිටියා.

දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිත ඊයේත් දිගු පෝලිම් පැවතුණා.

ඩීසල් නොමැතිවීමෙන් නුවරඑළියේ එළවළු වෙළදාම සියයට 60කින් පමණ පහළ ගොස් ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි කියා සිටියා.

මේ අතර, අනාගත ලෝකයේ පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයක් ලෙස සැලකෙන හරිත හයිඩ්‍රජන් නිපදවීමේ නියමු ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් අත්සන් තැබීම ඊයේ සිදුකෙරුණා.

ඒ, ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය හා නෝර්වේජියානු සමාගමක් අතරයි.

පුනර්ජනනීය බලශක්තිය භාවිතයෙන් නිපද වන හයිඩ්‍රජන් වායුව හරිත හයිඩ්‍රජන් ලෙස හැදින්වෙනවා.

එමෙන්ම අද දිනයේත් සියලු කාණ්ඩ සඳහා පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළා.

කෙසේ නමුත් රාත්‍රී කාලයේ ඉල්ලුම අධික වුව හොත් තවත් පැය භාගයක කලින් සැලසුම් නොකළ විදුලි කප්පාදුවක් සිදුකළ හැකි බවයි ඔවුන් දැනුම් දුන්නේ.

අද පැය 3ක විදුලි කප්පාදුව පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා ක්‍රියාත්මක වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල ප්‍රකාශය - අභියෝගාත්මක තත්ත්වයකට විනිශ්චකාරවරුන් මුහුණ දෙන්නේ
11:48
Video thumbnail
අපි ස#රා#න් එක්කලා ෆොටෝ ගහලා නෑ බොලව් - අපි හැරිලා ගැ#වොත් උඹලට දුවන්න පාරවල් නෑ
11:57
Video thumbnail
දෙහිඅත්තකණ්ඩියට ගිය දිලිත් තරුණයින්ට සමරු සටහනුත් දෙයි..ගොවියන් බඳාගෙන දුක කියයි
03:42
Video thumbnail
ප්‍රධාන සාක්ෂිකරුවන් තුන්දෙනෙක් සියදිසි න#ගෙන - පෙර රජයවල් ලේසියෙන් සාක්ෂි ඉතුරු කරන්නේ නෑ
03:32
Video thumbnail
අලුත්ගම දර්ගා හී නැතිවූ මැකෝ ගිරවාව විමර්ශනයකින් පසු සොයාගයි - හොර ඩබලගේ කෙරුවාව එළියට
04:05
Video thumbnail
මිනිහෙක් පොහොට්ටුවෙන් ඇවිත් දැන් ආණ්ඩුව එක්ක ඩීල් දානවා - මුන්ට වඩා මොළේ තියෙනවා බූ#වන්ට
05:36
Video thumbnail
ශරීරය ලස්සන කරගන්න ගන්නා ද්‍රව්‍ය නිසා වකුගඩු රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් - ඇයි අමාරුවේ වැටෙන්නේ ?
11:34
Video thumbnail
ආශු හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි
01:25
Video thumbnail
ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු
00:52
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි
01:41