ඉන්ධන හිඟය නිසා බස් ගමන් වාර අඩු කරයි

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් හෙට (28) සිට බස් ගමන් වාර සීමා කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ අත්‍යවශ්‍ය වේලාවන් සඳහා ප්‍රමුඛතාව ලබා දී ඊට අදාළ කාලසටහන් සකස් කිරීමට දැනටමත් ප්‍රවාහන නියාමන ආයතනවලට දැනුම් දී ඇති බවය.

“බස් ධාවනය සඳහා ප්‍රමාණවත් ඩීසල් නොමැති තත්ත්වයක් තියෙනවා. ඇතැම් ඉන්ධනහල්වල ඉන්ධන නෑ. IOC එකේ මිල වැඩි කරලා තියෙනවා. ඒකෙන් අපිට ලබා ගන්න හැකියාවක් නෑ. විශේෂයෙන් මේ දවස්වල අරපරිස්සමෙන්  වැඩකටයුතු කරන්න ඕනේ කාලයක්.

ඒ නිසා අපි තීරණය කරලා තියෙනවා හෙට උදෑසන සිට ගමන් වාර සංඛ්‍යාව අඩු කරන්න. රාජකාරි වෙලාවන් සඳහා ප්‍රමුඛස්ථානය ලබා දෙන්නත් ඇතැම් ගමන්වාර අවලංගු කරන්නත් අපි තීරණය කරලා තියෙනවා. ඊට අදාළ කාලසටහන් සකස් කිරීමට දැනටමත් ප්‍රවාහන නියාමන ආයතනවලට දැනුම් දීලා තියෙන්නේ”

මේ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට බස් ධාවනය සඳහා ඉන්ධන හිඟයේ බලපෑමක් සිදු නොවන බව එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුවසැරිය සේවක‍යින් මහ පාරට බහියි - ආණ්ඩුව ආවට පස්සේ සුවසැරියේ තියෙන්නේ මිලිටරි පාලනයක්
07:16
Video thumbnail
විනාශවුණ වැඩිහිටි නිවාසය බලන්න ආ මන්ත්‍රී රෝහිත සංවේදී වී බලාගෙන හිටපු හැටි
01:25
Video thumbnail
වැඩිහිටි නිවාසයේ රාජකාරිය කළ පුද්ගලයෙක් සිදුවූ සියල්ල එළියට දායි - "ගින්න ඇතිවුණේ මෙට්ට ටිකෙන්"
01:18
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි - "අනේ මට යන්න බෑ..මාව බේරගන්න.."
02:32
Video thumbnail
නිවසේ තිබූ සිරුරු එළියට ගෙන රැගෙන යයි - "සෙනෙහසේ කැඳැල්ලේ" නවතම තොරතුරු මෙන්න
02:31
Video thumbnail
වැඩිහිටි නිවාසයේ සිටි පිරිසගේ ඥාතීන් කළ හෙළිදරව්ව - හැම මාසෙම 35000 ගානේ සල්ලි දානවා
01:35
Video thumbnail
ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර දැකපු කෙනෙක් සියල්ල හෙළිකරයි - පවුලේ අය දුක දරාගන්න බැරිව හඬා වැටෙයි
01:50
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි - එකදිගට වැරදි තුනක්
00:39
Video thumbnail
අනුරට රටේ ජනපතිකම ලැබිලා තියෙන්නෙත් අතපසුවීමකින් - තිස්සකුට්ටි ආණ්ඩුවට සැරටම අමතයි
03:21
Video thumbnail
බඹර ප්‍රහා _ රයට ලක්වී සිසුන් 40ක් රෝහල් ගතකෙරේ - බඹරුන්ගෙන් බේරෙන්න ළමයි හතර අතේ දුවයි
01:39