ඉන්ධන හිඟය නිසා බස් ගමන් වාර අඩු කරයි

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් හෙට (28) සිට බස් ගමන් වාර සීමා කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ අත්‍යවශ්‍ය වේලාවන් සඳහා ප්‍රමුඛතාව ලබා දී ඊට අදාළ කාලසටහන් සකස් කිරීමට දැනටමත් ප්‍රවාහන නියාමන ආයතනවලට දැනුම් දී ඇති බවය.

“බස් ධාවනය සඳහා ප්‍රමාණවත් ඩීසල් නොමැති තත්ත්වයක් තියෙනවා. ඇතැම් ඉන්ධනහල්වල ඉන්ධන නෑ. IOC එකේ මිල වැඩි කරලා තියෙනවා. ඒකෙන් අපිට ලබා ගන්න හැකියාවක් නෑ. විශේෂයෙන් මේ දවස්වල අරපරිස්සමෙන්  වැඩකටයුතු කරන්න ඕනේ කාලයක්.

ඒ නිසා අපි තීරණය කරලා තියෙනවා හෙට උදෑසන සිට ගමන් වාර සංඛ්‍යාව අඩු කරන්න. රාජකාරි වෙලාවන් සඳහා ප්‍රමුඛස්ථානය ලබා දෙන්නත් ඇතැම් ගමන්වාර අවලංගු කරන්නත් අපි තීරණය කරලා තියෙනවා. ඊට අදාළ කාලසටහන් සකස් කිරීමට දැනටමත් ප්‍රවාහන නියාමන ආයතනවලට දැනුම් දීලා තියෙන්නේ”

මේ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට බස් ධාවනය සඳහා ඉන්ධන හිඟයේ බලපෑමක් සිදු නොවන බව එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?