පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයට අදාළ සිද්ධිය ගැන මේ වනවිට අලුත් කරුණු හෙළිවී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ අනුව මේ මොහොතේ සියලුදෙනා එක්වී අපක්ෂපාතීව තීරණයක් ගතයුතු බව වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
“පාස්කු ඉරිදා සිද්ධිය පිළිබඳ අලුත් කරුණු දැන් හෙළිවෙලා තියෙනවා. කොමිසමේ වාර්තාවට අනුව කිහිපදෙනෙකුට විරුද්ධව නඩුදාන්න යෝජනා කළාට ඒ පරීක්ෂණ සම්පූර්ණ කළාට පසුව රජය නඩු දැම්මේ
හිටපු පොලිස්පතිතුමාටත් හිටපු ආරක්ෂක ලේකම්තුමාටත් විරුද්ධව.”
“අධිකරණයේ තීන්දුව අනුව මේ විත්තිකරුවන් දෙදෙනාගේ සාක්ෂි කැඳවන්නෙ නැතුව මේ අයට විරුද්ධව නඩු නැහැ කියලා තීරණය කළා.”
“ඒ වගේම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුත් තවත් දෙදෙනෙක් මේ පිළිබඳ අත්අඩංගුවට ගත්තා.”
“ඒත් දැන් ඒ තුන්දෙනාම දැන් නිදහස් කරලා තියෙන්නේ.”
“අන්තිමට ශානි අබේසේකරගේ දිවුරුම් ප්‍රකාශය තියෙනවා. ශානි අබේසේකර කියන විදිහට මේ ගැන විශේෂයෙන්ම හමුදා බුද්ධි සේවය සම්බන්ධයක් තිබුණු බව. මේ අවස්ථාවේදී මම හිතන්නේ සියලුදෙනාම එකතුවෙලා මේ ගැන අපක්ෂපාතීව තීරණයක් ගත යුතුයි.”














