යළි නිකුත් කල අතිවිශේෂ ගැසට් නිවේදනය

බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යළි පිහිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්.

මීට අමතරව අමාත්‍යාංශ කිහිපයක ආයතනික හා නෛතික රාමුවද සංශෝධනය කර ඇති බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය, ජනාධිපති කාර්යාලයේ ආයතනික හා නෛතික රාමුව යටතට අලුතින් එක්කර තිබෙනවා.

එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ හා කලාපීය සහයෝගීතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්යයන් හා කර්තව්‍යයන් කිහිපයක් ද සංශෝධනය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?