අංජුගේ ගෝලයෙකු මාට්ටු

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ 02 හි නිලධාරින්ට ලද තොරතුරකට අනුව ඊයේ (22) පස්වරුවේ සිදු කරන ලද වැටලීමකදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රත්මලානේ අංජුගේ සමීපතමයෙකු මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට ගැනුණා.

ඒ මොරගහහේන පොලිස් වසමේ ඔලබොඩුවත්ත – ගෝනපොල ප්‍රදේශයේ දී යි.

අත් අඩංගුවට ගත් සැකකරු සිංහාරගේ අමල් සමින්ද සිල්වා නොහොත් රත්මලානේ අංජු නමැත්තාගේ මත්ද්‍රව්‍ය අලෙවි කරන්නෙකු බවටයි සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයන ලද රුපියල් 421,000ක මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 78ක් ද සැකකරු සතුව තිබී පොලිස් භාරයට ගැනුණා.

37 හැවිරිදි අදාළ සැකකරු ගෝනපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20