අද විදුලි කප්පාදුව මෙහෙමයි

බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද (22) දිනයේත් දිවයින පුරා පැය 02ත් 03ත් අතර කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම මත පස්වරු 04.30 සිට රාත්‍රී 10.30 දක්වා කාලය තුළ මෙම විදුලි කප්පාදුව සිදුකරන බවය.

ඊයේ (21) දිනයේ ද දිවයින පුරා පැය 02කට අධික කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරනු ලැබීය.

කාණ්ඩ 11ක් යටතේ එම විදුලි කප්පාදුව අද දිනයේ සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.

“ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කරා අද දිනයේ, විදුලි කප්පාදුවක් සිදුකිරීම අවශ්‍ය බව. ඒ සඳහා මහජන උපයෝගිතා කොමිසම අවසරය ලබාදුන්නා. ඊයේ වගේම අදත් විදුලිය 4.30ට පස්සේ කැපෙන්නේ. විශාල සිසුන් පිරිසක් උසස් පෙළ විභාගය ලියන නිසා දවල් කාලයේ දී විදුලි කප්පාදුවක් සිදුවෙන්නේ නෑ. කාණ්ඩ 2ක් අනුව. එක කාණ්ඩයක් පැය දෙකකුත් අනෙක් කාණ්ඩය පැය 3කුත් වශයෙන් 4ග30 සිට 10.30 දක්වා. ඒ අනුව A,B,C කාණ්ඩයට පැය 2කුත් අනෙක් කාණ්ඩවලට පැය 3කුත් විදුලි කප්පාදුව සිදුවෙනු ඇත. හෙට දිනයට අපිට අද තියෙන තත්ත්වය අනුව කියන්න පුළුවන්.”

මේ අතර ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුකරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් දෛනිකව තීරණය කරන බව ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38