ගීතා මුහුණ දුන් අකරතැබ්බය

අඩු ආදායම්ලාභීන්ට රජය විසින් ලබාදෙන ණය මුදලකට අනුමැතිය ලබා නොදීමේ සිද්ධියක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහට බැණ මරණ තර්ජනය කළ පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේ දා මන්ත්‍රීවරියගේ ඇල්පිටිය – හඹුරුගල ප්‍රදේශයේ පිහිටි නිවස වෙත පැමිණි සැකකරු, තමන්, අඩු ආදායම්ලාභියෙකු බැවින් රජයෙන් ණයක් ලබාගැනීම සඳහා අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත් එම පුද්ගලයා ඊට සුදුසුකම් නොලබන බැවින් මන්ත්‍රීවරිය ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අදාළ තර්ජනය සිදුකර ඇත්තේ.

අනතුරුව මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ ඌරගස්මංහන්දිය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු ඔහුව අත්අඩංගුවට ගැනුණා.

60 හැවිරිදි මෙම සැකකරු ඇල්පිටිය – තොටකනත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කෙරුණේ අද දිනය දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58