ප්‍රහාරයකින් ළමුන් 7ක් ජීවිතක්ෂයට

නයිජිරියානු ආරක්ෂක හමුදා විසින් කැරලිකරුවන් ඉලක්ක කරගනිමින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් කුඩා ළමුන් 07 දෙනෙකු මියගොස්  තිබේ.

ආරක්ෂක හමුදා විසින් එරට මරඩි ප්‍රදේශයට එම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රහාරයෙන් තවත් සිවිල් වැසියන් 5 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

දරුවන් පිරිසක් සෙල්ලම් කරමින් සිටින් ස්ථානයකට අදාළ ගුවන් ප්‍රහාරය එල්ල වී ඇති අතර මේ සම්බන්ධයෙන් නයිජිරියානු ආරක්ෂක හමුදා කනගාටුව පළකර ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් ප්‍රාදේශීය දේශාපාලන බලධාරීන්ගේ බලපෑම මත එම ප්‍රහාරය සම්බන්ධයෙන් එරට ආරක්ෂක හමුදාවන්ට එරෙහිව විධිමත් පරික්ෂණයක් පැවැත්වීමට නයිජිරියානු බලධාරීන් තීරණය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?