ඉදිරි රජයකින් යුක්තිය ඉෂ්ඨ වෙයි – කාදිනල් හිමිපාණන්

වත්මන් රජය සහ නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සඳහන් කර සිටිනවා.

කාදිනල් හිමියන් පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුවීමක් දක්නට නොමැති බවයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳව ග්‍රන්ථයක් එළිදැක්වීමේ උත්සවයට වීඩීයෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් උන්වහන්සේ මේ බව පෙන්වා දුන්නා.

පාස්කු ප්‍රහාරයට අදාළ සියලුම කොමිෂන් වාර්තා සමීක්ෂණය කර, ජාතික කතෝලික ජන සන්නිවේදන කොමිසම විසින් සම්පාදනය කරන ලද ”තිත” නම් ග්‍රන්ථය දොරට වැඩුම අද (19) පෙරවරුවේ කොළඹදී සිදුකෙරුණා.

ඒ ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලයේ සභාපති අතිඋතුම් දේවධර්මාචාර්ය වින්ස්ටන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාව වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇමතූ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් කියා සිටියේ,

“දැන් අවුරුදු 3ක් ඉවර වෙන්නට යන කාලය වෙනකොට මේතාක්දුරට යුක්තියක් ඉෂ්ඨ වුණා කියලා අපිට කොහොමටවත් පිළිගන්න බෑ. ජනාධිපති කොමිෂන් සභාවේ දුන්නු සාක්ෂි මේ රජය සහ මේ නීතිපතිතුමා හංගලා. ඒ වෙළුම් කිහිපය ඉල්ලලා අපි ලිපි යවලා තියෙනවා. ඒ කිසිම ඉල්ලීමක් සලකන්නේ නැතිව සාක්ෂි සඟවා තැබීමට ඉස්සෙල්ලා හිටිය රජයත් දැන් ඉන්න රජයත් කටයුතු කරලා තියෙනවා. දැන් සිදුවෙන්නේ නීතිපතිතුමාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි හැසිරීම නිසා ඒ යුක්තිය ඉෂ්ඨ නොවන තත්ත්වයකට පත්වීම.”

“මේ රජය අපිට දුන්නු පොරොන්දු එකක්වත් ඉෂ්ඨ කරලා නෑ. මේ කාරණාව පැහැදිලිවම දැනගෙන එය වළක්වන්නට කටයුතු නොකළ රාජ්‍ය නායකයෝ සහ උසස් නිලධාරීන් ආරක්ෂා කරලා උසස්වීම් ලබාදීලා මේක විහිළුවක් කරලා.”

“කවදාහරි දවසක අපිත් නැතුව මේ රජයේ ඉන්න නායකයොත් නැතුව, ඉස්සරහට එන්න තියෙන රජයකින් හෝ මේ යුක්තිය අපිට ඉෂ්ඨ වෙනවා නම් ඒක එදාට සිදුවෙනකම් අපි බලාගෙන ඉමු කියන හැඟීම තමයි අපිට තියෙන්නේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47