තරම දැනගෙන දඟලන්නේ නැතිව ඉන්න,ජනපතිගෙන් රාජ්‍ය ඇමති වරුන්ට රතු එළි

අමාත්‍යාංශවල කටයුතු පහසු කරගැනීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය පථයන් ගැසට් කර ඇතත් , අමාත්‍යාංශ වල වගකීම ව්‍යවස්ථානුකූලව ඇත්තේ කැබිනට් අමාත්‍යවරුන්ට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැබිනට් හමුවේ දී කැබිනට් ඇමැතිවරුන්ට සිහි කර දී තිබේ.

මේ පිළිබඳව සංවාදය මතු වී ඇත්තේ කැබිනට් ඇමතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් අතර සමහර අමාත්‍යාංශවල ඇතිවී තිබෙන ගැටුම පිළිබඳ කැබිනට් හමුවේ දී ඇමතිවරුන් ජනාධිපති වරයාට දැන් වූ අවස්ථාවේදීය.

මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය පථයන් ගැසට් මගින් වෙන් කර දුන්නේ කැබිනට් ඇමතිවරයා ගේ කටයුතු පහසු කර ගැනීමට පමණක් බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවා ළඟදීම මේ සම්බන්ධව දැනුවත් කරන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

මේ වන විට වනජීවී ඇමති සී බී රත්නායක සහ රාජ්‍ය ඇමති ඇමති විමලවීර දිසානායක අතර ඇතිවී තිබෙන ගැටුම, රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ඇමතිකමින් ඉවත් වීම දක්වා දුර දිග ගිය ගැටුම වැනි අර්බුදකාරී තත්ව සම්බන්ධව සාකච්ඡාවට ලක්වී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53