ග්‍රීසියේ කෝර්ෆු දූපත ආසන්නයේ දී නෞකාවක් ගිනි ගැනීම හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ග්‍රීසියේ සිට ඉතාලිය බලා ගමන් ගනිමින් තිබූ යුරෝෆෙරි ඔලිම්පියා නමැති නෞකාවේ වාහන නවතා තිබූ තට්ටුවක ගින්න හටගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
නෞකාවේ සිරවී සිටි පිරිසක් බේරාගැනිමට සහන කණ්ඩායම් සමත්ව ඇත.
අදාළ නෞකාවේ මගීන් 239 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 51 දෙනෙකු සිට ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
ඉන් වැඩි පිරිසක් ඉතාලි ජාතිකයින් බව වාර්තා වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




