රාජිතගේ ඉල්ලීම උසාවියෙන් ඉවතට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති මොහොමඞ් රූමි මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති ‘කිඹුල් නඩුව’’ වෙනත් මහාධිකරණයක් හමුවේ කැඳවීමට නියෝගයක් කරන්නැයි විත්තිකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛති‍්‍ර ගුණරත්න මහතා කළ ඉල්ලීම කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (18 දා) ප‍්‍රතික්‍ෂේප කළේය.

එම නඩුව ඊයේ (18 දා) කැඳවූ අවස්ථාවේදී දීර්ඝ ලෙස කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ මෛති‍්‍ර ගුණරත්න මහතා එම ඉල්ලීම කරනු ලැබීය.

කෙසේ වෙතත් එම නඩුව ලබන මාර්තු 15 වැනිදා දක්වා කල්තැබීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

නීතිඥ ජයබා කළුපහන, මාර්ක් ඇන්ටන්, ජනාධිපති නීතිඥ මෛති‍්‍ර ගුණරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විත්තිය නියෝජනය කරනු ලැබීය.

2019.11.10 වැනිදා තිඹිරිගස්යාය ප‍්‍රදේශයේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී වෙස් මාරුකරගත් පුද්ගලයන් දෙදෙනකු යොදවා කළ ප‍්‍රකාශයට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53