වෛරස් උණක් වේගයෙන් පැතිරෙයි

මෙම දිනවල කොවිඞ් සහ ඩෙංගු නොවන වෛරස් උණ රෝගයක් සමාජයේ වේගයෙන් පැතිරෙමින් තිබෙන බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ඊයේ (18 වැනිදා) පැවසීය.

එබැවින් යම් උණ රෝගී තත්ත්වයක් ඇත්නම් 1390/247 යන දුරකථන අංක අමතා දැනුම් දෙන්නැයි ද හෙතෙම මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී තව දුරටත් කතා කළ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා මෙසේ ද කීය.

වැඩිහිටියන් අතරේ වගේම දරුවන් අතරේත් වෛරස් උණ රෝගයක් පැතිරෙමින් තිබෙනවා. ඒ නිසා හැම දෙනාම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න කියලා ඉල්ලා සිටිනවා. කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව වැනි රෝග ලක්‍ෂණ තියෙනවා නම් 1390/ 247 කියන අංකවලට අමතලා වෛද්‍ය උපදෙස් ලබාගන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වෛද්‍යඋපදෙස් ගන්නේ නැතුව ඔහේ ගෙදරට වෙලා හිටියොත් අසාධ්‍ය තත්ත්වයෙන් මරණයට පවා පත් වෙන්න පුළුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !