MV -X Press Pearl නෞකාවේ ඇති වු ගින්න හේතුවෙන් වු සිදු වු සියලු දේ මනා කළමණාකරණයකින් හා වගකීමෙන් යුතුව රජය විසින් සිදු කළ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා සඳහන් කරනවා.
ඒ සදහා වු වන්දි වශයෙන් මෙරට මුදලින් රුපියල් බිලියනක පමණ මුදලක් මේ වන විට ලැබී ඇති බවත් අනෙකුත් වන්දි මුදල් ලබා ගැනීමට මේවන විට තවදුරටත් කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා අද (18) කියා සිටියා.
නැව ගිනිගත් මොහොතේ ප්‍රධාන කාර්යය බවට පත් වුයේ ඉන් සිදු වන ව්‍යසනය අවම කර ගනිමින් නැවෙන් තෙල් කාන්දුවක් සිදු නොවන ආකාරයෙන් හා පාරිසරික හානි නොවන අයුරින් කටයුතු කිරීම බැවින් එය මනාව සිදු කිරීමට රජය කටයුතු කළ බව ද හෙතම සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













