ඇමතිවරුන්ගේ හඬපටය හුටපටය දුරදිග යයි

ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව තමන් තීන්දුවක් ගන්නා බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

මාර්ග සංවර්ධන කටයුත්තක් මුල් කරගෙන සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සමග ඇතිවී තිබූ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිමල් ලාන්සා මහතා ඒ බව පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

“ඒ හඬපටය දැන් දින කිහිපයකට ඉස්සෙල්ලා එවපු එකක්. ඒකට හේතුව ප්‍රියංකර ජයරත්න ඇමතිතුමා ඉල්ලීමක් කරලා තිබුණා, පාරවල් වගයක් මහජනතාව ඉල්ලලා. ඉතින් මං ඒගොල්ලන්ට අපේ අමාත්‍යාංශය හරහා ප්‍රතිපාදන දීලා තිබුණා කරන්න කියලා. ඉතින් ඒවා පටන් ගන්න එකට තමයි ඔය. මේ සිද්ධියෙන් පස්සේ ජොන්ස්ටන් ඇමතිතුමා ඔක්කොම නැවැත්තුවා.”

“දැනට මම පෞද්ගලික කාර්ය මණ්ඩලයට අයින් වෙන්න කියලා කිව්වා. මම ලබන සතියේ ජනාධිපතිතුමාව හමුවුණාට පස්සේ තීන්දුවක් ගන්නවා.”

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සනන් නිශාන්ත මහතා පැවසුවේ,

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට, රජය හැටියට මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් කරද්දී ඒ මුදල් ටික කොහොමද බෙදෙන්නේ කියලා.., එතකොට එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කිලෝමීටර් 25 ගානේ බෙදනවා කියලා තීරණයක් අරන් තිබුණා.”

“ඊට පස්සේ ජොන්ස්ටන් ඇමතිතුමත් මට පාරවල් දුන්නා. මෙයත් දුන්නා.” 

“මට පාරවල් කිලෝමීටර් 50කට ආසන්න ප්‍රමාණයක් හම්බුණා. එතකොට මේ අපේ දුන්නු පාරවල් ටික සේරම මෙයාගේ හිතවත් කොන්ත්‍රාත්කාරයෙක් දාලා දැනට අවුරුද්දකට ඉස්සෙල්ලා මේ පාරවල් කිලෝමීටර් 50ම ගත්තා.” 

“ඒ අරගෙන 20%ක් මේකෙන් ඇඩ්වාන්ස් එකකුත් දුන්නා අර මිනිහට. මේ පාරවල් ටික දැන් අවුරුද්දක්. කරන්නේ නැහැ. ඒ තියෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, මේ කවුරුවත් නෙවෙයි ශ්‍රී ලංකා එකේ සංවිධායක. මිනිහා කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්දරවසම් 19යි. ඒ 19යේ හොඳම වසම් 10ක් ප්‍රවිෂ්ට මාර්ගය සම්පූර්ණම කිලෝමීටර් 35ක් විතර අර මිනිහට දීලා.” 

“මම ඇහුවා මොකක්ද දීපු හේතුව කියලා.  ඒකට කතා කළාම මිනිහා ෆෝන් එක කට් කළා. කට් කරපුවම මං මැසේජ් එකක් දැම්මා. මැසේජ් එකේ වගකීම මං භාරගන්නවා. මේ පක්ෂය අපි දුක්විඳලා හදපු පක්ෂය. අපි හිරගෙදර මාස 03යි දවස් 19ක් ඉද්දි නිමල් ලාන්සලා එවෙලේ හිටියේ ආණ්ඩුවේ ඇමතිවරු හැටියට.”

ප්‍රශ්නය – “පුත්තලමේ ජනතාවට වෙන්න තියෙන දෙයක් නේද ඕකෙන් නැතිවෙන්නේ?”

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා –  “නැතිවෙන්නේ.. කොහොමද පාරවල් එන්නේ? අපි දේශපාලනය කරන්නේ කොහොමද?”

ප්‍රශ්නය –  “වෙනත් පක්ෂවලට ඡන්දය දීපු කට්ටියට සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබෙන්නේ නැද්ද?”

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා –  “මෙහෙමයි.. ගඟෙන් බීලා මුහුදට ආවඩන්න බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සල්ලි දීලා අපේ පක්ෂය වැටෙන්න දෙන්න පුළුවන්කමක් නැහැ. ලාන්සලට වැඩිය අපි මේ පක්ෂයට ආදරෙයි. මේ සම්බන්ධව මං කැබිනට් ඇමතිතුමාට පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමාට.”

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා හට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් යොමුකළ තර්ජනාත්මක හඬපට කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

මේ අතර ප්‍රශ්නගත මාර්ගය සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආනමඩුව ආසන සංවිධායක ආනන්ද සරත් කුමාර මහතාගෙන්ද විමසීමක් කළේය.

එහිදී ඔහු සඳහන් කළේ,

“මං අහන්නේ ඇයි මේක නවත්වන්නේ කියලා. මනාප ප්‍රශ්නය තියෙන්න පුළුවන්. කාටහරි වැඩ කළත් පොහොට්ටුවට ගේ ඡන්ද ටික. ජනාධිපතිවරයාට නේ. විශේෂයෙන්ම රණවරාපිටිය මාර්ගය කියන්නේ සුදු ඇඳගෙන යන දරුවෝ හවසට ගුරුපාට වෙලා තියෙන්නේ. ඒ තරම් ම අති දුෂ්කර මාර්ගයක්.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53