වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව

පාස්කු ප්‍රහාරය.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොලකරුවන්, උදව් උපකාර කළ පුද්ගලයන්, නීතිය පැහැර හැරපු නිලධාරීන්ට දඩුවම් මේ වෙද්දි ලැබුණද..?

දඩුවම් දීම කොහොම වුණත් තැන් තැන්වල ප්‍රහාර සිද්ධ වෙනවා කියලා තොරතුරු ලැබුණා කියපු, මහා පාරිමාණ සිදුවීමක් සිදුවෙයි කියලා හිතුවේ නෑ කියපු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කරන්න අද පියවර ගෙන තිබුණා.
අපේ රටේ ඇතැම් තීරණ ගැන හරි පුදුමයි.

මොකද ඔහුම අපි කළින් සිදුකළ ප්‍රකාශය සිදුකරලා තියෙද්දි ඔහු නිදොස් කොට නිදහස්.
එතොට ඔහුගේ රාජකාරිය පැහැරහැරීමක් සිදුවෙලා නැද්ද..? එහෙමත් නැත්නම් ඔහුට වගකීමක් නැද්ද එහෙම තොරතුරක් ලැබිලා තියෙද්දි එය වළක්වා ගන්න කටයුතු කරන එක.
මේ සියල්ල සොබාදහමට බාර දෙනවා ඇරෙන්න අද මේ ප්‍රහාරයෙන් පීඩා විදින මිනිස්සුන්ට ඉතිරි වෙලා නෑ.


ඒ තරමටම අද නීතියෙනුත් පිළිසරණක් නැති විදිහට අසරණ වෙලා.
කොහොම වුණත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ව ඔහුට එරෙහිව එල්ලකර ඇති චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (18) නියම කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා ඔහුට එරෙහිව ගොනුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59