ගම්මන්පිල කල ඉල්ලීම

ඉන්ධන සඳහා පනවා ඇති බදු ඉවත් කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් අද ලිඛිත ඉල්ලීමක් කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

ඊයේ (17) රාත්‍රියේ ඉන්ධන මිල වැඩි කරන බවට පැතිරෙන කට කතාවන්හි සත්‍යතාවක් නොමැති බව යි ඊයේ සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළේ.

මේ අතර, ඉන්ධන නොමැති වීම හේතුවෙන් කැළණිතිස්ස තාප විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන්ම නතර වී ඇති බව විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පවසනවා.

නැප්තා නොමැතිවීම හේතුවෙන් කැළණිතිස්ස තාප විදුලි බලාගාරයේ ජනන කටයුතු ඇනහිට ඇත්තේ ඊයේ (17) සවස 7ට පමණ බවයි වාර්තා වන්නේ.

කැළණිතිස්ස විදුලි බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165ක විදුලි ධාරිතාවක් සැපයෙනවා.

මෙම බලාගාරය ක්‍රියාතමක කිරීම සඳහා දිනකට නැප්තා මෙට්‍රික් ටොන් 900ත් 1000ක් පමණ අවශ්‍ය වනවා.

බලාගාරය නැවත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නැප්තා තොග අද රාත්‍රියේ හෝ හෙට උදෑසන වන විට ලැබෙනු ඇති බවටයි විදුලිබල මණ්ඩලය විශ්වාසය පළ කළේ.

කෙසේවෙතත් ඉන්ධන තොග හෙට උදෑසන ලැබුණ ද එම තොග ගොඩබෑම සඳහා පැය 10කට අධික කාලයක් වැයවන බවයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුලිබල මණ්ඩල ප්‍රකාශකයෙකු කියාසිටියේ.

මේවන විට විදුලි ඉල්ලුමේ උපරිමය පහළ බසිමින් පවතින බැවින් ජාතික පද්ධතිය අසමතුලිත වීමේ ගැටලුවක් පැන නොනගිනු ඇති බවටත් ඔහු විශ්වාසය පළකළා.

මේ අතර බලශක්ති අමාත්‍යවරයා අද දහවල් කියාසිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉල්ලා ඇති ඉන්ධන මිල සංශෝධනය ලබාදුනහොත් එය ඉතිහාසගත මිලක් වනු ඇති බවයි.

පාරිභෝගිකයා අපහසුතාවයට පත්වන පරිදි මිල සංශෝධනයකට සූදානම් නොමැති බවයි අමාත්‍යවරයා අප කළ විමසීමකදී සඳහන් කළේ.

මේ අතර ඇතැම් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලවලද ඉන්ධන අවසන් වී ඇති ආකාරය අද දැකගත හැකිවුණා.

මේ අතරල ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ සංස්ථාව මුහුණ දෙන අලාභය හමුවේ තෙල් මිල ඉහළ දැමීම එක් දිනකින් හෝ පමා කළහොත් එය දරාගත නොහැකි පාඩුවක් වන බවයි.

රජය මේ සම්බන්ධයෙන් අවධානය යොමුකොට කඩිනමින් ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය ගතයුතු බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

විදුලි අර්බුදයට අමතරව රටතුළ ඉන්ධන හිඟයවක්ද මතුව ඇති ආකාරය මේ දිනවල ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දැකගත හැකියි.

ඇතැම් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන අවසන්ව ඇති බවයි.

සිපෙට්කෝ පිරවුම්හල්වල ඉන්ධන සැබෑ ලෙසම අවසන්ද ? අප ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකළා.

සාමාන්‍යයෙන් මෙරට මාසික ඉන්ධන අවශ්‍යතාව සඳහා සිපෙට්කෝ ආයතනය පෙට්‍රල් මෙට්‍රික් ටොන් 90,000ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 150,000ක් මෙරටට ආනනයනය කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා.

තෙල් සංස්ථාව පැවසුවේ කෙසේවෙතත් රට වසාදමා තිබූ පසුගිය සමයේ ඉන්ධන ගෙන්වීම අඩු මට්ටමක පැවතුනත් මේ වසරේ ජනවාරි සහ මෙම මාසයේදී ඉන්ධන ගෙන්වීම වේගවත් ලෙස ඉහළ ගිය බවයි.

එසේනම් සිපෙට්කෝ ඉන්ධන පිරවුම් රැසකම ​ඉන්ධන නැත ලෙස සඳහන් කර ඇත්තේ ඉන්ධන බෙදාහැරීමේ ගැටලුවක් හේතුවෙන් ද යන්න අප තවදුරටත් විමසා බැලුවා.

ඒ පිළිබඳව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති නාලක පෙරේරා මහතාගෙන් අප ප්‍රශ්න කළා.

මේ අතර පසුගියදා මිල ඉහළ දැමූ ලංකා අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් කිහිපයකම මෙලෙස දිගු පෝලිම් දක්නට ලැබුණා.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ පසුගියදා ලංකා අයි.ඕ.සී. සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ නැංවීමට තීරණය කළා.

එම අවස්ථාවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ ඔවුන්ගේ ඉන්ධන මිල ඉහළ නැංවීමේ බලාපොරොත්තුවක් නොමැති බවයි.

කෙසේවෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉල්ලා ඇති ඉන්ධන මිල සංශෝධනය ලබාදුනහොත් එය ඉතිහාසගත මිලක් වනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

පාරිභෝගිකයා දැඩි අපහසුතාවයට පත්වන පරිදි මිල සංශෝධනයකට සූදානම් නොමැති බවයි අමාත්‍යවරයා අප කළ විමසීමකදී සඳහන් කළේ.

මේ අතර තාප විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන වරින් වර හිඟවීම හේතුවෙන් මෙරට ස්ථාවර විදුලි සැපයුමට පසුගිය දිනවලදී එල්ල වුණේ දැඩි බලපෑමක්.

ඒ අනුව අවශ්‍යතාව පරිදි ඉදිරි මාස 03ක කාලයක් සඳහා අවශ්‍ය අවස්ථාවල විදුලිය කප්පාදු කිරීමට අවසර දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය මීට පෙර මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබුණත් ඊට අවසර හිමි වූයේ නැහැ.

ඛනිජතෙල් සංස්ථාවෙන් ඉන්ධන නොලැබෙන පසුබිමක ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කළේ විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන ලංකා අයි. ඕ. සී. සමාගමෙන් සෘජුවම ලබා ගැනීමටයි.

කෙසේවෙතත් එම තීරණයට ආණ්ඩුව නියෝජනය කරන වෘත්තීය සමිතිවලින් එල්ලවෙම්න් පවතින්නේ දැඩි විරෝධයක්.

කෙසේවෙතත් විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන නොමැතිව බලාගාර කිහිපයක් මේ වනවිටත් පවතින්නේ අක්‍රීයවයි.

ඒ මතුගම, තුල්හිරිය, කොළොන්නාව, කැලණිතිස්ස සොජිට්ස් පෞද්ගලික බලාගාරය හා කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ විදුලි බලාගාරය යන බලාගාරයි.

මීට අමතරව කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා නැප්තා ප්‍රමාණවත්ව තිබුණේ ඊයේ (17) රාත්‍රී 7 දක්වා පමණයි.

මේ අතර පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය හා මහජන උපයෝගිතා කොමිසම අතර අදත් සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06