දෙමටගොඩ රුවන්ගේ ඇදහිය නොහැකි වත්කම් ගැන හෙලි වෙයි

මත්කුඩු ජාවාරම්කරුවෙකුගෙන් මේ දක්වා සොයාගත් වැඩිම වටිනාකමකින් යුත් දේපළ හමුව ඇත්තේ දෙමටගොඩ රුවන් සතුව තිබී බව වාර්තා වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ආනාවරණ කරගෙන ඇත.

ඔහු සතුව තිබී මේ වනවිට අනාවරණ කරගෙන ඇති දේපළවල වටිනාකම රුපියල් කෝටි 79කි. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අනාවරණ කරගෙන ඇත්තේ 2011 වසරේදී ගංජා ජාවාරමින් සැකකරු විසින් නීති විරෝධී ව්‍යාපාර ආරම්භ කර ඇති බවය. 

අනතුරුව දෙමටගොඩ රුවන් නමැති මෙම සැකකරු 2017 වසරේ සිට මහපරිමාණ මත්කුඩු ගෙන්වීම ආරම්භ කර ඇති බවද අනාවරණය වී ඇත.

එම සියලුම දේපල නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් රාජසන්තක කර ඇත.

ඒ අතර අධි සුඛෝපභෝගී මෝටර් රථ 09ක් ද වෙයි.

පොලිසිය අනාවරණකරගෙන ඇත්තේ දෙමටගොඩ රුවන් මිලදී ගෙන ඇති සියලුම මෝටර් රථ එම කාලය වන විට අදාළ සමාගම් විසින් නිෂ්පාදනය කළ නවතම මෝටර් රථ බවය.

එම මෝටර් රථවල වටිනාකම පමණක් කෝටි 09ට ආසන්න වෙයි.

එමෙන්ම රුපියල් කෝටි 16ක් පමණ වටිනා ඉඩම් තුනක් රුපියල් කෝටි 02ක් පමණ වටින රත්‍රං කිලෝ එකමාරක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

එමෙන්ම දෙමටගොඩ රුවන්ට හිමි රුපියල් කෝටි 09කට ආසන්න ස්ථාවර තැම්පතු කිහිපයක්ද නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම්කර ඇත.

ඔහුට අයත් තවත් සංචාරක හෝටල් කිහිපයක් පිළිබඳවද පොලිසිය විසින් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන් වෙයි.

මේ අතර වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ දෙමටගොඩ රුවන්ගේ දේපල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකරනු ලබන විමර්ශන නවත්වන ලෙස ඉල්ලා ඔහු විසින් එම නිලධාරීන්ට රුපියල් කෝටි 05ක මුදලක් ලබාදීමට උත්සාහ දරා ඇති අතර එම නිලධාරීන් එය ප්‍රතික්ශේප කර ඇති බවය.

මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් සෙයාගත් වැඩිම වටිනාකමකින් යුත්දේපල සොයාගෙන ඇත්තේ වෙලේ සුදාගෙන් වන අතර එහි වටිනාකම රුපියල් කෝටි 18කි.

ඒ අනුව මත්කුඩු ජාවාරම්කරුවෙකුගෙන් මෙතෙක් සොයාගත් වැඩිම වටිනාකමක් සහිත දේපළ ඇත්තේ දෙමටගොඩ රුවන් සතුවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථයක් හමුවෙයි ?
00:37
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථය පාදුක්කෙන් හමුවෙයි ?අත් බෝම්බයක කොපුවකුත් හමුවෙයි
00:49
Video thumbnail
අර්චුනාට යකා නගියි - රටට බොරු කියනවා ලියුමක් තියෙනවා කියලා
01:03
Video thumbnail
දුප්පත්කම වැඩිවෙලා තියෙද්දි ආණ්ඩුව කොහොමද අස්වැසුම කපන්නේ ?සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
24:19