ඊයේ පස්වරුවේ නිලාවේලි මුහුදු තිරයේදී දිය නාමින් සිටි තරුණයෙකු දියවැලකට හසු වීමෙන් අතුරුදන් වී ඇතැයි වාර්තකරු පැවසුවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 21ක් වන තලාතුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මාතලේ ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණි පිරිසකගෙන් එක් අයෙකු දියවැලකට හසුව ගසාගෙන ගොස් තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
පසුව මිතුරන් දෙදෙනකු විසින් ඔහු බේරා ගැනීමට උත්සාහ කර තිබෙනවා.
එහිදී ඔවුන් තිදෙනාම දියඹට ගසාගෙන ගොස් ඇති අතර එම ස්ථානයේ සිටි පොලිස් ජිවිතාරක්ෂක නිලධාරින් විසින් ඉන් දෙදෙනෙකු බේරා ගැනීමට සමත්ව තිබෙන බව අප වාර්තාකරු සඳහන් කළා.
අතුරුදන් වූ තරුණයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1













