ඉතිහාසයේ විශාලතම ඉන්ධන මිල ඉහල දැමීමට සූදානම්..- ගම්මන්පිල

මෙවර ඉන්ධන මිල වැඩි කිරීමක් සිදුකළ හොත් එය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල ඉහළ දැමීම් වනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

තෙල් සංස්ථාව ඒ ආකාරයේ ඉන්ධන මිල වැඩි කිරීමක් ඉල්ලා ඇතැයි ද පැවසූ සංස්ථාව පැත්තෙන් එය සාධාරණ ඉල්ලීමක් බවද කියා සිටියේය.

ලෝක වෙළෙඳ පොළේ ද මේ වන විට ඉතිහාසගත ලෙස ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයට කරුණු වාර්තා කර ඇතත් තවමත් අමාත්‍යාංශයෙන් පිළිතුරක් ලැබී නැති බවත් ඔහු පැවසීය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ දිගින් දිගටම අලාභ ලබන සංස්ථාව ආයතනයක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාමට නම් අනිවාර්යෙන්ම ඉන්ධන මිල විශාල වශයෙන් ඉහල දැමිය යුතු බවයි.

ඒ අනුව පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 192 දක්වාත්, ඩීසල් ලීටරයක් රුපියල් 169ක් දක්වාත් අනිවාර්යෙන්ම ඉහළ නැංවිය යුතු බව සංස්ථාව දැනුම් දී තිබේ.

එමෙන්ම මෙවර ඉන්ධන මිල වැඩි කිරීමට අවසර නොදෙන්නේ නම් මගී ප්‍රවාහන සේවා, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ඉන්ධන ලබාදීමට තීරණය කිරීමට සිදුවන බව තෙල් සංස්ථාව දැනුම් දී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථයක් හමුවෙයි ?
00:37
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථය පාදුක්කෙන් හමුවෙයි ?අත් බෝම්බයක කොපුවකුත් හමුවෙයි
00:49
Video thumbnail
අර්චුනාට යකා නගියි - රටට බොරු කියනවා ලියුමක් තියෙනවා කියලා
01:03
Video thumbnail
දුප්පත්කම වැඩිවෙලා තියෙද්දි ආණ්ඩුව කොහොමද අස්වැසුම කපන්නේ ?සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
24:19
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට - මොකුත් නොකියම පිටවෙයි
00:52
Video thumbnail
නැව් පිටින් හොරකම් කරපු ආණ්ඩුවක් - විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
06:59
Video thumbnail
දායාසිරි - නලින් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි - මොකද කියන්නේ Challenge එක බාරගන්නවද ?
04:36