හදිසියේම ඉවත් කෙරුනු ඡන්ද ලකුණු

මැතිවරණ කොමිෂන් සභාව විසින් දේශපාලන පක්ෂවල ලකුණු ලෙස යොදා ගැනීමට වෙන්කර දී ඇති ලැයිස්තුවෙන් ලකුණු 2ක් ඉවත් කර තිබේ.

ඒ ඔටුන්න සහ ගොවියා යන ලකුණුය.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක මේ බව දැක්වෙයි.

දේශපාලන පක්ෂ සඳහා අනුමත කර ඇති ලකුණු ඇතුළත් නව ලැයිස්තුව පසුගිය ජනවාරි මස 21 වනදා මැතිවරණ කොමිෂන් සභාව මගින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් හරහා ප්‍රකාශයට පත් කර තිබුණි.

එහි දේශපාලන පක්ෂ සඳහා මේ වනවිට වෙන්කර දී ඇති ලකුණු වලට අමතරව පක්ෂ සඳහා ලබාගත හැකි ලකුණු සඳහන් කර තිබූ අතර එහි ඇතුළත් වූ ඔටුන්න ලකුණ සහ ගොවියා ලකුණ නව ගැසට් නිවේදනයෙන් ඉවත් කිරිමට පියවර ගෙන ගැනුණි.

මේ අතර 2021 වසරේ සිදුකළ ආකාරයෙන්ම මෙවර ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් වන ලිඛිත එකඟතාවය හෙට දිනයේ ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඊයේ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මැතිවරණ කොමිසම විසින් එම එකඟතාවයට එළඹ ඇති බව වාර්තා විය.

AVvXsEhfQAA4hj7keE2vdspcGQdb3UGKiP5JiI 7x6qsCYhxOOy1TLItAKukjBQVGEcssmiTqx5nzatXbT wLtB5Jejo4vLKzV80iG8ifJX4AKYp419cU4YzdbveVo9gu7TFA1GWde2bGtkyXQK WTVnwuwdI8DZ ntZCloVbKzYyUsLFFb2m2Lg iv4RAzlZg


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46