ඉන්ධන මිල හා සංචිත ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

ඩීසල් තොග ප්‍රමාණවත් තරම් මේ වනවිට මෙරටට ලැබී ඇති අතර ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා මෙතෙක් තීරණයක් ගෙන නැතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මේ වනවිටත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු වාහන පෝලිම් පවතින පසුබිමකය.

ලංකා IOC සමාගම පසුගියදා ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග මේ වනවිට ජනතාව ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත වැඩි වශයෙන් යොමුවීමට ආරම්භ වී තිබේ.

ඒ හේතුවෙන් මේ වනවිට එම ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙන අතර ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන හිඟයක්ද මතුව තිබුණි.

මෙම තත්ත්වය හමුවේ ආනයන සහ අපනයන බහාලුම් ප්‍රවාහන කර්මාන්තයට ද විශාල බලපෑමක් එල්ල වී ඇතැයි එක්සත් ලංකා බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය සහ සමස්ත ලංකා බහාලුම් ඒකාබද්ධ ප්‍රවාහන සංසදය පැවසීය.

කෙසේවෙතත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් අද කොළඹ වරාය වෙත ළඟාවී තිබුණි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ඉන්දියාව මෙරටට ලබාදීමට නියමිත අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙන තුරු මෙම ඩීසල් තොගය මෙරටට එවා තිබේ.

එම ඩීසල් තොග රැගත් නෞකාව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් භාරගනු ලැබීය.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,

“මුදල් දෙන ඕනම කෙනෙකුට ඉන්ධන දෙන්න අපි සූදානම්. අපි ළඟ දැන් තෙල් තියෙනවා. මම ඉල්ලීමක් කරලා තියෙනවා තෙල් මත තියෙන සියලුම බදු ඉවත් කරලා දෙන්න කියලා. එහෙම වුණොත් මිල වැඩිකිරීමකින් තොරව කරගෙන යන්න පුළුවන් වෙයි. සාමාන්‍යයෙන් මිල වැඩිවෙන්නේ මධ්‍යම රාත්‍රියේ. නමුත් තාමත් අපි එවැනි තීරණයක් අරගෙන නෑ.”

මේ අතර පෙට්‍රල් රැගත් නෞකාවක පෙට්‍රල් තොග ඛනිජ තෙල් සංස්ථාවට අයත් කෙරවලපිටිය අංගනය වෙත පොම්ප කිරීම අද ආරම්භ කෙරුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25
Video thumbnail
දිවි අහිමිවූ පසිඳුට අවසන් ගෞරව දක්වන්න විපක්ෂ නායකත් එයි - සංවේදී වූ සජිත්
01:22
Video thumbnail
මි#යගිය C.D. වික්‍රමරත්න ගැන මනෝජ්ගෙන් සැර කතාවක් - එතුමා ගොවියෙක්ගේ පුතෙක්..අපි දන්නවා එයා ගැන
06:36