ඉවත් කළ සභාපති යළි පුටුවට

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම හේතුවෙන් සේවය අත්හිටවූ සතොස සභාපති වෙනුර ගුණවර්ධන අද යළි සමූපකාර තොග වෙළඳ සංස්ථාව වෙත පැමිණ සභාපති ධුරයේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

පසුගිය කාලසීමාවේ සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සිදුවූ බවට සැකකෙරෙන රුපියල් කෝටි තුනහමාරක අයථා ගණුදෙනු සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වූ අතර, ඒ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වා තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙසයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යාංශ ලේකම්වරියට නියෝග කර තිබුණේ.

ඒ අනුව, ස්වාධීන කමිටුවක් හරහා සිදුවන අදාළ පරික්ෂණ නිමවනතෙක් සතොස සභාපති වෙනුර ගුණවර්ධනගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවනු ලැබුවා.

කෙසේ වෙතත්, එලෙස පරීක්ෂණ අවසන් වී නොමැති අවස්ථාවක වෙනුර ගුණවර්ධන නැවත සතොස සභාපති ධුරයේ කටයුතු කිරීම සඳහා පැමිණ ඇති අතර, ඔහු අද දිනයේ අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවා රැස්වීමක් ද පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !