ප්‍රවීණ ගීත රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහ අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, ප්‍රවීන ලේඛකයෙකු සහ කෘතහස්ත ගීත රචකයෙකු වූ සමන් චන්ද්‍රනාත් වීරසිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 74 වන වියේ පසුවුණා.

රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ ඔහු අද අලුයම මිය ගිය බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ.

රසිකයින් අතර ජනාදරයට පත්වූ ගීත රැසක් රචනා කළ ඔහුගේ ගී රචනාවලට පරම්පරා කිහිපයක ගායකයින් විසින් පණ පෙවීම විශේෂත්වයක්.

චන්ද්‍රිකා සිරිවර්ධන, පණ්ඩිත් අමරදේවයන් සමග ගායනා කළ කැන්දන් යන්නේ කවදද මා, එච්.ආර්. ජෝතිපාලයන් ගැයූ බිදක් රැදී අසන් ලදේ, මාලනී බුලත්සිංහ ගැයූ සඳ මඩලේ සිට, දයාරත්න රණතුංගයන් ගායනා කළ සම කෝණී ත්‍රිකෝණයකි, සුජාතා අත්තනායක ගැයූ සතරවටින් කළුකරගෙන වහින වේලාවේ, සුනිල් එදිරිසිංහයන් ගැයූ වාදකයාණෙනි ඔබේ සිතාරය, ගුණදාස කපුගේ ගැයූ නාඹර ගොයමට, ටී,එම්. ජයරත්න ගැයූ මට තනි නැත නුඹ නාඩන් සුරතලියේ, රූකාන්ත සමග චන්ද්‍රලේඛා ගැයූ සඳලේඛා, කීර්ති පැස්කුවෙල් ගැයූ රිදී සීනු සිනාවේ, පුන්සිරි සොයිසා ගැයූ ගංගා දියවැල් ගලා මෙන්ම සන්ෆලවර් ගැයූ ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දගලන්නේ සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් නිර්මාණය කළ ජයප්‍රිය ගී පදවැල් කිහිපයක්.

පසුගිය දින කිහිපය පුරා සමන් චන්ද්‍රනාත් වීරසිංහ සිටියේ තරමක් අසනීප තත්ත්වයකින්.

සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් ගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම්දෙන බවයි පවුලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25