ඔමික්‍රෝන් ගැන තවත් අනාවරණයක් (වීඩියෝ)

මෙරට තුළ වේගයෙන් පැතිර යන ඔමික්‍රෝන් වෛරසයේ ව්‍යාප්තියත් සමඟ යම් පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු වුවහොත් එම පුද්ගලයාගේ ආශ්‍රිතයින්ට ද වෛරසය වැලදීමේ ඉහළ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසනවා.

මේ අතර, අඛණ්ඩව 14 වන දිනටත් දහස ඉක්ම වූ කොවිඩ් දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ (12) දිනයෙත් මෙරටින් හඳුනා ගැනුණා.

ජනවාරි 30 වැනිදා සිට මේ දක්වා ගෙවුණු දින 14 ක කාලය තුළදී අඛණ්ඩව දහසේ සීමාව ඉක්මවමින් දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාවක් මෙරටින් හඳුනා ගැනුණා.

ඊයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1162 ක්.

ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 626,966 දක්වා ඉහළ ගියා.

එමෙන්ම පෙරේදා සිදු වූ තවත් කොවිඩ් මරණ 23 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක‍ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළා.

එම මරණ අතර, අවුරුදු 30ට අඩු පුද්ගලයෙකු ද සිටින බවයි සෞඛ්‍ය අංශ දත්තවල දැක්වෙන්නේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,577 දක්වා ඉහළ ගියා.

https://youtu.be/nQ2b2PZ5BDI
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25