ජංගම දුරකථනය තවත් මල් කැකුලක් ඩැහැගනී

මාර්ගගත අධ්‍යාපනයට ලබාදුන් ජංගම දුරකථනය තවත් දරුවෙකුට දිවි අහිමි කළ ඛේදනීය පුවතක් අනුරාධපුර නගරයෙන් අපට වාර්තා වුණි.

මියගිය දරුවාගේ පවුලේ ඥාතීන් පවසන්නේ දුරකථන ක්‍රීඩාවල නියැලීමට පුරුදුව සිටි අදාළ දරුවාට මව දුරකථනය ලබානොදීම හේතුවෙන් දිවි හානි කරගෙන ඇති බවය.

මියගිය අනුහස්ගේ පුංචි අම්මා මේ පිළිබඳ මෙලෙස අදහස් දැක්විය.

“අම්මා උදේ වැඩ‍ට ගිහිල්ලා අම්මා පැය තුනකට විතර පස්සේ ඇවිල්ලා තියෙනවා මෙයා ෆෝන් එක ආන්ස්වර් කරන්නේ නැති හින්දා අම්මා දොර ඇරගෙන ඇතුළට එනකොට පුතා මෙතන එල්ලිලා ඉඳලා තියෙන්නේ හේතුව අම්මගෙන් උදේ ෆෝන් එක ඉල්ලලා ෆෝන් එක දීලා යන්න කියලා අම්මා ෆෝන් එක දීලා නැහැ. ඒ ගේම් එකට ඇබ්බැහිවෙලා ගේම් එකේ තියෙන විදිහට තමයි ලණු අඹරලා අවුරුදු 12ක ළමයෙක්ට දකින්නේ නැතුව ඒ වගේ දෙයක් කරන්න බැහැ. ඉතින් ඒ ගේම් එකේ දැක්ක දේ තමයි කරලා තියෙන්නේ. කියන්න තියෙන එකම දේ මේක කොහොම හරි තහනම් කරන්න ජනාධිපතිතුමනි. අපිට අපේ ළමයා නැති වුණා. ලංකාවේ කිසිම ළමයෙක් ට මේදේ වෙන්න දෙන්න එපා. ළමයින් බේරගන්න. ඔන්ලයින් අධ්‍යාපනයට ඇවිත් අවසානයට වුණේ මේක. කිසිම අම්මෙක්ට තාත්තෙක්ට මේ දුක දැනෙන්න දෙන්න එපා.”

සිය මව ජංගම දුරතකථය ලබානොදීම නිසා මෙලස දිවි හානිකරගෙන තිබුණේ අනුරාධපුරයේ පදිංචිව සිටි අනුහස් මධුෂාන් සෙනෙවිරත්න.

අනුහස් අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයේ 7වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 12 හැවිදිරි සිසුවෙකි.

මාර්ගගත අධ්‍යාපනයට මව්පියන් ලබාදුන් ජංගම දුරකථනයෙන් ජංගම දුරකථන ක්‍රීඩාවල නිතර නියැලීමට අනුහස් පුරුදුව සිටි බව ඥාතීහු පවසති.

කොවිඩ් වසංගතය හේතුවෙන් මාර්ගගත අධ්‍යාපනයට යොමුවීමත් සමග දරුවන්ට ජංගම දුරකථන ලබාදීමට මව්පියන් පියවර ගැණුනි.

ඒ හේතුවෙන් පසුගිය මාස කිහිපය පුරා මෙවැනි අවාසනාවන්න සිදුවීම් කිහිපයක්ම වාර්තා වුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46