හොරණ – කොළඹ යන අයට පණිවිඩයක්.

පිළියන්දල පොලිස් වසමේ කොළඹ හොරණ මාර්ගයේ බෝකුන්දර පාලමේ සංවර්ධන කටයුතු අද  (13) සිට ආරම්භ කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී තිබේ.

මෙම පාලමේ සංවර්ධන කටයුතු හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු උදෑසන 6 සිට සවස 3 දක්වා කොළඹ දෙසට මංතීරු 2ක් සහ හොරණ දෙසට මංතීරු ඒකක් ද , සවස 3 සිට පසුදා උදෑසන 6 දක්වා කොළඹ දෙසට මංතීරු එකක් සහ හොරණ දෙසට මංතීරු 2ක් ද වශයෙන් වාහන ගමනාගමනය සීමා කර ඇත.

තවද උදෑසන 6 සිට උදෑසන 9 දක්වා සහ සවස 4 සිට රාත්‍රී 8 දක්වා මගී බස් රථ හැර සියලුම බර වාහන පාලම මතින් ගමනාගමනය නවත්වන බව දන්වා තිබේ.

මෙම කාලය තුළ මාර්ග අවහිරතාවය වළක්වා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

ඒ සඳහා පහත විකල්ප මාර්ග ඉදිරිපත් කර තිබේ. 

* හොරණ සිට කොළඹ දෙසට ගමන් කරන වාහන පිළියන්දල කටුබැද්ද හරහා ගාලු පාරට පැමිණ කොළඹ දෙසට ගමන් කළ හැකිය.

* හොරණ සිට වේරහැර දක්වා ගමන් කරන වාහන ගාලු පාර ඔස්සේ රත්මලාන බොරුපන මාර්ගය හරහා වේරහැර දක්වා පැමිණිය හැකිය.

* කොළඹ සිට හොරණ දෙසට ගමන් කරන වාහන බොරලැස්ගමුව සිට මහරගමට පැමිණ මහරගම සිට පිළියන්දල මාර්ගය ඔස්සේ ගමන් කළ හැකිය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26