මාස තුනක් විදුලිය කපන්න අවසර ඉල්ලයි

විදුලිය අරපරිස්සමින් භාවිතා නොකළහොත් ඉදිරි මාස තුනේදී විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ඉදිරි මාස තුනක කාලයේදී විදුලි කප්පාදුවක් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය අවසර ඉල්ලා ඇතැයි ද විදුලිය අරපරිස්සමින් පාවිච්චි නොකළහොත් විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව ද ඒ මහතා කීය.

පවතින තත්ත්වය නිසා යළි දැනුම්දෙනතුරු සවස 6.00 සිට රාත‍්‍රි 10.00 වනතුරු විදුලි පරිභෝජනය අවම මට්ටමින් පවත්වාගෙන යෑමට විදුලි පාරිභෝගිකයන් කටයුතු කළ යුතුව ඇතැයි ද ඒ් මහතා කීය.

විදුලි උදුන්, රෙදි සෝදන යන්ත‍්‍ර, වායු සමීකරණ භාවිතයෙන් ඉවත් වී සිටින ලෙස ද ඒ මහතා ඉල්ලා සිටී.

වීදි පහන් ලක්‍ෂ පහක් පමණ රාත‍්‍රියකට දල්වන බවත්, ඒ වෙනුවෙන් දිනකට මෙගාවොට් 50 ක් වැය වන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

වීදි පහන්වලින් සියයට අසූවක් නිවා දමන ලෙස ද ව්‍යාපාරික ස්ථානවල වායුසමන යන්ත‍්‍ර දිනකට පැය හතරක කාලයකට ජෙනරේටර් මගින් බලගන්වා ගන්නා ලෙස ද ඒ මහතා ඉල්ලා සිටී. නොඑසේ නම් ලංවිම ඉල්ලා ඇති පරිදි විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව ද ඒ මහතා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18