වැල්ලයි පාරයි ඔට්ටුයි නම් ඡන්දයකට එන්න

වැල්ලත් ඔට්ටුයි,මහ පාරත් ඔට්ටුයි ඡන්දයකට එන්නැයි අගමැතිවරයා අනුරාධපුර ජන රැලියේදී කළ අභියෝගය සතුටින් භාර ගන්නා බව සමගි ජන ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා පැවසීය.

කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය කඩිනමින් තබා ජනමතය උරගා බලන්නැයි අගමැතිවරයාට අභියෝග කරන බවද මරික්කාර් මහතා කීය.

පොදුජන පෙරමුණ ජන රැලිය පැවැත් වූ අනුරාධපුර සල්ගාදු පිටියේම ලබන මාසයේදී සමගි ජන බලවේගය ද රැළියක් පවත්වා ජනමතය පෙන්වා දෙන බවද මරික්කාර් මහතා වැඩිදුරටත් කීය.

කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම් මරික්කාර් මහතා මේ බව සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?