මිත්‍යා මතවලට අන්ධවී පිරිමි දරුවෙකු පතා තම හිසට ඇණ ගසා ගත් ගැබිණි මව

තමාට ඇති බලයෙන් පිරිමි දරුවෙකු ලබාදීමට හැකි බවට පැවසූ මිත්‍යා ඇදහිලි සුවකරන්නෙකු ගේ කීමට අනුව සිය හිසට ඇණ ගසා ගත් ගර්භණි කාන්තාවක් සම්බන්ධයෙන් පුවතක් පාකිස්ථානයෙන් වාර්තා වනවා.

විවාහක කාන්තාවක් වන ඇයට මේ වන විටත් දියණියන් තිදෙනෙකු සිටින අතර ඇය සිව්වන වරටත් ගැබ් ගැනීමෙන් පසුව වෛද්‍ය පරීක්ෂණයට ලක්ව තිබෙනවා.

එහිදී හෙළිවී ඇත්තේ ඇයට නැවත වරක් පිළිසිඳ ගෙන ඇත්තේ ගැහැණු දරුවෙකු බවයි. මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමෙන් පසුව මෙම ගර්භණි කාන්තාවගේ ස්වාමිපුරුෂයා ඇයට පවසා ඇත්තේ මෙවර තමන්ට පිරිමි දරුවෙකු නොලැබුනොත් ඇයව දික්කසාද කරන බවයි.

සිය සැමියාගේ ප්‍රකාශයෙන් බියට පත්වු ඇය මිත්‍යා ඇදහිලි සුවකරන්නෙකු හමුවට ගොස් ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ තමන් කියන ආකාරයට කටයුතු කරන්නේ නම් ඇයගේ කුසේ සිටින දරුවා පිරිමි දරුවෙකු වන බවයි.

ඒ අනුව එම මිත්‍යා ඇදහිලි සුවක්රන්නාගේ වචනය විශ්වාස කළ ඇය, ඔහු පැවසූ ආකාරයට සිය හිසට ඇණ දෙකක් ගසා ගෙන ඇති අතර පසුව බියට පත්වී රෝහල් ගතව ඇත.

පාකිස්ථානයේ, පෙෂාවර් හි පිහිටි රෝහලකට ඇතුලත් කර ඇති මෙම ගර්භණි කාන්තාවගේ තත්ත්වය බරපතල නොවුනත් ඇය දැඩි වේදනාවකින් පෙලෙන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. එමෙන්ම හිසට ඇණ ගසා ගැනීමේදී ඇයගේ මොලය බේරී ඇත්තේ ද ඉතා ස්වල්ප ඉඩකින් බවත්, යම් හෙයකින් ඇයගේ මොලයට හානි සිදුවුවානම් ඇයගේ ජීවිතය පවා අහිමිවීමට ඉඩ තිබු බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

මෙම කාන්තාවට උපදෙස් දුන් බව කියන මිත්‍යා ඇදහිලි සුවකරන්නා සොයා මේ වන විට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

NA
VV 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06