නැවත රට වැසීමට සිදු වෙයි ද ? වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් දැනුම් දීමක්

ඔමික්‍රෝන් ප්‍රභේදය ශීඝ්‍රයෙන් ලොව තුළ ව්‍යාප්ත වීම හරහා කොවිඩ් පරීක්ෂණ කට්ටලවල හිඟයක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

මීට පෙර මිලියන් ගණන්වලින් ලැබුණු පරීක්ෂණ කට්ටල අද වන විට පහළ මට්ටමකට පැමිණ ඇති බව යි වෛද්‍යවරයා අවධාරණය කරන්නේ.

කෙසේ වෙතත් මේ මොහොත සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල හිඟයකින් තොර ව මෙරට තුළ පවතින බව වෛද්‍යවරයා සඳහන් කළා.

තවත් එන්නත් ලබා නො ගත් බොහෝ පිරිසක් සිටින් බව සඳහන් කළ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර සිටියේ, කෙසේ හෝ එන්නත් ලබාගැනීම සඳහා සියලු දෙනා ව උනන්දු කරවිය යුතු බව යි.

රට විවෘත කර තිබෙන අවස්ථාවක දී නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම හරහා නැවතත් අවදානමක් ඇති වීම වළක්වා ගත හැකි බව යි වෛද්‍ය හේමන්ත හේ‍රත් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?