නැවත රට වැසීමට සිදු වෙයි ද ? වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් දැනුම් දීමක්

ඔමික්‍රෝන් ප්‍රභේදය ශීඝ්‍රයෙන් ලොව තුළ ව්‍යාප්ත වීම හරහා කොවිඩ් පරීක්ෂණ කට්ටලවල හිඟයක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

මීට පෙර මිලියන් ගණන්වලින් ලැබුණු පරීක්ෂණ කට්ටල අද වන විට පහළ මට්ටමකට පැමිණ ඇති බව යි වෛද්‍යවරයා අවධාරණය කරන්නේ.

කෙසේ වෙතත් මේ මොහොත සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල හිඟයකින් තොර ව මෙරට තුළ පවතින බව වෛද්‍යවරයා සඳහන් කළා.

තවත් එන්නත් ලබා නො ගත් බොහෝ පිරිසක් සිටින් බව සඳහන් කළ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර සිටියේ, කෙසේ හෝ එන්නත් ලබාගැනීම සඳහා සියලු දෙනා ව උනන්දු කරවිය යුතු බව යි.

රට විවෘත කර තිබෙන අවස්ථාවක දී නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම හරහා නැවතත් අවදානමක් ඇති වීම වළක්වා ගත හැකි බව යි වෛද්‍ය හේමන්ත හේ‍රත් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12