විරෝධතාවලට සම්බන්ධ වූවන්ට එරෙහි ව පොලු භාවිතා කරන්න – කුට්ටිආරච්චි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක තිස්ස කුට්ටිආරච්චි දැනට ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවා වෘත්තීය ක්‍රියාමාර්ගය විවේචනය කරමින් විරෝධතාවලට සම්බන්ධ වූවන්ට එරෙහි ව පොලු භාවිතා කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දේශපාලන පක්ෂවල යටි අරමුණු සපුරා ගැනීමට, දේශපාලන පක්ෂවල අනුග්‍රහය යටතේ සිදු වන වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මහජනතාව අපහසුතාවට පත් ව ඇති බවත් ජවිපෙ මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායකට සහ විජිත හේරත්ට එල්ල වූ බිත්තර සහ ගල් ප්‍රහාරවලට සමාන ව විරෝධතාකරුවන්ට බැටන් පොලු ප්‍රහාර එල්ල කළ යුතු බවත් ඔහු සඳහන් කළා.

සෞඛ්‍ය අංශයේ සේවාවන් අඩාල වීම නිසා ඇති වූ මහජන විරෝධය ගැන අදහස් දක්වමින් කුට්ටිආරච්චි පවසා සිටියේ, මහජනතාවට සිය අප්‍රසාදය පළ කිරීමට ඇති එක ම මාර්ගය බැටන් පොලුවලින් සංග්‍රහ කිරීම බව යි.

දේශපාලන සහාය ලබන මෙම වෘත්තීය සමිති රජය සමඟ ගැටලු තිබේ නම්, ඔවුන් මහජනතාව අපහසුතාවට පත් කිරීම වෙනුවට රජය සමඟ ඒවා විසඳා ගත යුතු යැ යි ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

https://youtu.be/gX3UPGUjQS8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?