තවත් රටකින් ස්ථීර පදිංචිය සඳහා ආරාධනා

විවිධ දක්ෂතා සහිත පුද්ගලයින්ට සහ ආයෝජකයින්ට තම රට තුළ ස්ථීර පදිංචිය සඳහා අවස්ථාව ලබාදීමට බහරේන් රාජ්‍යය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ සඳහා නව “ස්ථීර පදිංචි වීසා බලපත්‍රයක්” නිකුත්කරන බව එරට බලධාරීන් පැවසීය.

ඒ ඔස්සේ වඩා තම රටට අවශ්‍ය විශේෂඥ ශ්‍රමය සහ ආයෝජන ඇද ගැනීමට අවස්ථාව ලැබෙතැයි ඔවුන් පවසයි.
    
එරට සේවය කිරීම සඳහා පැමිණෙන විදෙස් ජාතිකයින් සඳහා මෙතෙක් පැවති ක්‍රමවේදය වූයේ වාර්ෂිකව රැකියා වීසා කාලය දීර්ඝ කිරීමය. එමගින් ඔවුන් එරට තුළ දීර්ඝ කාලයක් රැඳී සිටීම පාලනය කෙරිණි.

නව ක්‍රමවේදය, “Golden Residency Visa” ලෙස නම්කර තිබේ. එමගින් බහරේනය තුළ රැකියා කිරීමට අවසරය, අවශ්‍ය විට නැවත පිටවීමට සහ ඇතුළුවීමට අවසර, සහ පවුලේ සාමාජිකයින් ට එරට වාසය කිරීමේ අවස්ථාව ඉන් සැලසෙයි.
 
“මෙම වීසා ක්‍රමවේදයේ අරමුණ ආයෝජකයින්, ව්‍යවසායකයින් සහ ඇති දක්ෂ පුද්ගලයින් මෙරටට ගෙන්වා ගෙන එමගින් බහරේන් ආර්ථිකය සාර්ථක කර ගැනීම,” ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.  

එම වීසා සඳහා සුදුසුකම් ලැබීමට නම් එම පුද්ගලයා වසර 5ක් එරට වාසය කර තිබිය යුතු අතර මාසික වැටුප බහරේන් ඩිනාර් 2,000ක් (ඩොලර් 5,306) විය යුතුය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?