තවත් රටකින් ස්ථීර පදිංචිය සඳහා ආරාධනා

විවිධ දක්ෂතා සහිත පුද්ගලයින්ට සහ ආයෝජකයින්ට තම රට තුළ ස්ථීර පදිංචිය සඳහා අවස්ථාව ලබාදීමට බහරේන් රාජ්‍යය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ සඳහා නව “ස්ථීර පදිංචි වීසා බලපත්‍රයක්” නිකුත්කරන බව එරට බලධාරීන් පැවසීය.

ඒ ඔස්සේ වඩා තම රටට අවශ්‍ය විශේෂඥ ශ්‍රමය සහ ආයෝජන ඇද ගැනීමට අවස්ථාව ලැබෙතැයි ඔවුන් පවසයි.
    
එරට සේවය කිරීම සඳහා පැමිණෙන විදෙස් ජාතිකයින් සඳහා මෙතෙක් පැවති ක්‍රමවේදය වූයේ වාර්ෂිකව රැකියා වීසා කාලය දීර්ඝ කිරීමය. එමගින් ඔවුන් එරට තුළ දීර්ඝ කාලයක් රැඳී සිටීම පාලනය කෙරිණි.

නව ක්‍රමවේදය, “Golden Residency Visa” ලෙස නම්කර තිබේ. එමගින් බහරේනය තුළ රැකියා කිරීමට අවසරය, අවශ්‍ය විට නැවත පිටවීමට සහ ඇතුළුවීමට අවසර, සහ පවුලේ සාමාජිකයින් ට එරට වාසය කිරීමේ අවස්ථාව ඉන් සැලසෙයි.
 
“මෙම වීසා ක්‍රමවේදයේ අරමුණ ආයෝජකයින්, ව්‍යවසායකයින් සහ ඇති දක්ෂ පුද්ගලයින් මෙරටට ගෙන්වා ගෙන එමගින් බහරේන් ආර්ථිකය සාර්ථක කර ගැනීම,” ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.  

එම වීසා සඳහා සුදුසුකම් ලැබීමට නම් එම පුද්ගලයා වසර 5ක් එරට වාසය කර තිබිය යුතු අතර මාසික වැටුප බහරේන් ඩිනාර් 2,000ක් (ඩොලර් 5,306) විය යුතුය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12