අධිවේගයේ සිදු වූ අනතුර

කොට්ටාව අධිවේගී පිවිසුමේ සිට ගාල්ල දෙසට දෙවන කිලෝමීටර කණුව අසල දී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (07) රාත්‍රි 7ට පමණ.

ආපදාවක් හේතුවෙන් කන්ටේනර් රථයක් අධිවේගී මාර්ගයේ නවතා තබා ඇති අතර, එම රථයට ඉස්සර කර යෑමට බස් රථයක් උත්සහ කිරීමේ දී පිටුපසින් පැමිණි මෝටර් රථයක් බසයේ ගැටී තිබෙනවා.

අනතුරින් මෝටර් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා හෝමාගම මුලික රෝහලට ඇතුළත් කළ බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය සඳහන් කළා.

අනතුරින් නවතා තිබු කන්ටේනර් රථය, බස් රථයට හා මෝටර් රථයට හානි සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් කිලෝමීටර 5ක පමණ දුරට වාහන තදබදයක් ද පැවති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?