විදුලි කප්පාදුව ගැන අලුත් කතාවක් එළියට

මෑත කාලීනව විදුලි කප්පාදුවන් සිදුකිරීමට ප්‍රධානතම හේතුව පසුගිය දෙසැම්බර් මස 03 වන දින සිදු වූ හදිසි විදුලි බිඳවැටීම බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, අදාළ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 02ක් අක්‍රීය වූ බවය.

එම විදුලි බිඳවැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට ද මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බව ජනක රත්නායක මහතා පවසයි.

ඊයේ (07) රාත්‍රී රූපවාහිණි වැඩසටහනකට එක්වෙමින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම අදහස් පළකළේය.

“දෙසැම්බර් 3 වනදා විදුලිය විසන්ධිවීමක් වුණා ලංකාව පුරාම. බ්ලැක්අවුට් එකෙන් තමයි මේ පවර් කට් එක දැන් ඇති වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමා දෙසැම්බර් 3 වනදා මේ බිඳවැටීම වුණාම නොරොච්චෝලේ බලාගාර දෙකක්  මෙගාවොට් 600ක් එකපාර අක්‍රිය වෙනවා. ඒ වෙලා සුමානයක් යනකල් අපිට බලාගාර පණ ගන්වන්න බැරි වුණා. එකක් ගිය සුමානේ 3 වෙනදා වෙනකල් අක්‍රිය වෙලා තිබ්බේ. ඒකේ අලාභය විතරක් අපි ගණනය කරලා තියෙනවා බිලියන 6ක් පාඩුයි. ඒ සුළු ක්‍රියාදාමයකින් සිදුවන පටලැවිල්ල සම්පුර්ණ ආර්ථිකයක් විශාල පීඩනයකට ලක්වෙන්න පුළුවන්. ඒ බ්ලැක්අවුට් එක සිදුවීම ගැන විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශයක් කළා මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක් වියහැකි බවට.”

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලින් අනතුරුව ඒ සඳහා වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගන්නා බව ජනක රත්නායක මහතා සඳහන් කළේය.

මේ අතර අද දිනයේදී බොහෝ දුරට විදුලි කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට හැකියාව පවතින බව ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12