තීන්ත සහ ටිනර් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.
අවිස්සාවේල්ල දුන්කළහේන ප්‍රදේශයේ පිහිටා ඇති එම කර්මාන්ත ශාලාවේ මෙම ගින්න හටගෙන තිබුණේ අද (03) පස්වරු 1.30ට පමණය.
අප වාර්තාකරු සඳහන් කළේ ගින්නෙන් පිපිරීම් කිහිපයක්ම සිදුවූ බවත් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත්ය.
ගින්න මැඩපැවැත්වීම සඳහා කොට්ටේ මහනගර සභාවට අයත් ගිනිනිවීම් රථ හා හංවැල්ල පොලීසිය කටයුතු කර තිබුණි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














