ඩොලර් වලට නියම මිල ගෙවන්න පොරොන්දු වෙන මුදල් ඇමති…..

විදේශ රැකියාවල නිරතවී උපයන විදේශ ප්‍රේෂණ සඳහා ඉදිරියේදී වෙළෙඳපොළේ පවතින අගයම ලබාදීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

කුරුණෑගල පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අභිනවයෙන් ඉදිකළ කුරුණෑගල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා ජනක බණ්ඩාර තෙන්නකෝන් හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අද (02) සිදු කෙරුණි.

එම අවස්ථාවෙන් අනතුරුව අදහස් දැක්වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා,

“විදෙස් රැකියාවලින් ලැබෙන ප්‍රේෂණ කළු කඩයට නොයවා නීත්‍යනුකූල මාර්ගයෙන් රටට එවන්න.ඔවුන්ට ඉදිරියේදී වෙළෙඳපොළේ අගයම ගෙවනවා.”

“ණය ගද්දි බැන්නත්, ණය ගෙවද්දි බැණුම් අහන මුදල් ඇමතිවරයෙක් ගැන දන්නවාද ?”

“අපිට බණින්නේ ණය ගෙව්වා කියලා. අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ගෙවන්න තිබුණා. ඒ ණය ගත්තේ කවුද කියලා මම දන්නේ නැහැ.”

“මේ වසරේ පමණක් අමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් ගෙවන්න තියෙනවා. මේ වසරේ ගෙවන්න තියෙන සියලුම ණය අපි ගෙවනවා. අපි ඒක වගකීමෙන් කියන්නේ.”

“මේ පරම්පරාව ඉන්නකල් විපක්ෂයට ආයෙත් බලයට එන්න බැහැ. හැබැයි වෙන පරම්පරාවක හරි බලයට එනකොට ණය නැති රටක් භාරදීම ජනපතිගේ අධිෂ්ඨානයයි.” 

“මෙවර මහ කන්නයේ හොඳම අස්වැන්න කුරුණෑගලින්.ඒත් ජනපතිගේ හා අගමැතිගේ නිර්දේශය වුණේ ඒ ගොවීන්ටත් වන්දි ගෙවීම.” 

“වගා කිරීමේ ගෞරවයක් ලෙස සියලු වී ගොවීන්ට වන්දි. මුලින්ම කුරුණෑගල ගොවීන්ට වන්දි ලබා දෙන්න.” 

“ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ වැඩ ලක්ෂයක වැඩසටහන හෙට ආරම්භ කරනවා. මේ සඳහා රුපියල් මිලියන ලක්ෂයක් වෙන් කළා.”

“සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 30ක්. කොට්ඨාසයේ සියලුම මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ 40ක්.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11
Video thumbnail
අක්‍රමිකතාවක් ගැන පොලිස්පතිට එරෙහිව පැමිණිල්ලක් - හිතවතාට බයික් ගෙන්නන දවසට බයික් ගන්න වෙන්නේ
06:10
Video thumbnail
මම කාගේත් මුදල් තැන්පතු භාර අරගෙන නෑ - එළියට ආ තිස්සකුට්ටි කිව්ව කතාව
06:14
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06