අපොස උසස් පෙළ විභාගය සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත්කර තිබෙන කාලසටහන ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.
විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.
2021 අපොස උසස් පෙළ විභාගය ලබන පෙබරවාරි මස 7 වනදා ආරම්භ කිරීමට නියමිතය.
එහි වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම් කපිල පෙරේරා, විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ සුනිල්.ජේ. නවරත්න නම්කර තිබේ.
පෙත්සම්කරු කියා සිටින්නේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රට පුරා පාසල් සැලකිය යුතු කාලයක් වසා තිබූ අතර ඒ හේතුවෙන් සිසූන්ගේ අධ්‍යාපන කටයුතුවලට විශාල පාඩුවක් සිදුවූ බවය.
විෂය නිර්දේශ පවා නිසි පරිදි සම්පුර්ණ කර ගැනීමට නොහැකි වූ බව ඔහු පෙන්වා දෙයි.
මේ හේතුවෙන් අපොස උසස් පෙළ විභාගය පැවැත්වීමට පෙර සිසුන්ට සති 20 ක කාලයක් ලබා දිය යුතු බවට ජාතික අධ්‍යාපන ආයතනය මඟින් ද රජය වෙත නිර්දේශය කර තිබුණ ද එම නිර්දේශය අධ්‍යාපන අමාත්‍යාංශය සහ අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රතික්ෂේප කර ඇති බවද නාගානන්ද කොඩිතුවක්කු මහතා චෝදනා කළේය.
අදාළ විභාගය පැවැත්වීමට පෙර සිසුන්ට සති 20ක කාලයක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාට සහ එම අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කළ ලෙසත් ඔහු අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.














Mepara
2021 A/L exam eka thiyanne hena asadaranawa . Niyamitha kalayakwath lamainta laba dun nha , eka termtest ekak wath karala nathuwa (13) Exam eka directma dena eka Asadaraine . apita deparak wibhage karanna gedara wathkamak nha demaupiyanta wiyadan karanna , sadarana kalayak denna me thathweth ekka meka sudusu nha lamainta karana dee .
Laba denawa kiuwa sathi 20nuth sathi 4ka kalayak thawath adu karala , AL karannewath nathi aye saha guruwaru asa nha mee wibhage kal yanawata !
Eyala wagakeemak gan nha ehemai kiyla Loku kapakireemak karala mewenuwen mahansi wena apita karana dee harida , Jeewithema thirane wenne nathi unath me wibhagen Loku balapamak ape jeewitha walata wenawa .
Rate thiyena prashna kiyak madada api me wibhage liyanne …
Physics wala practical mukuthma kare nha . Thawa masayak ho 2k kalaya dunnoth eka lankawe inna hama lamayektama sadarana weiii . Enisa mee wenuwen nisi piyawarak ganna 🙏🏼